Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Showing posts with label complementary feeding. Show all posts
Showing posts with label complementary feeding. Show all posts

Sunday, November 18, 2012

Sunday, December 4, 2011

3 ජී රේඩියෝ කුට්ටපිටිය ගමට | 3G radio program in "Kuttapitiya"

ළදරු පෝෂණය පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කරන, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ විකාශනය වන පරම්පරා තුනක් පදනම් කරගත් තේමාවක් ඔස්සේ වූ 3ජී රේඩියෝ සේවාව පිළිබඳ ඔබ දැනටමත් දන්නවා.(ඒ පිළිබඳ පෙර ළිපිය මෙතැනින් ) එහි අලුත්ම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයේ "කුට්ටපිටිය " නම් මනරම් ගමේදී , ගම්වැසියන් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සිදු වුනා. මෙම වැඩසටහන් ශ්‍රවණය කර ඔබට ඔබේ දැනුම ඉහල නංවා ගන්නා අතරේ , එම ගැමියන්ගේ දක්ෂතා අගය කිරීමටත් පුළුවන්; හේතුව මෙම වැඩසටහන් වල පිටපත් රචනයේ සිට සියළු කාර්යයන් ඔවුන්ගේම උත්සාහයක් බැවින්.

1 කොටස

2 කොටස

3 කොටස

Wednesday, October 12, 2011

ඇමයිලේස් බහුල ආහාර වලින් දරුවන්ට වඩාත් ගුණාත්මක අතිරේක ආහාර.....| Amylase Rich Food (ARF) |

සාමාන්‍යයෙන් ළදරුවනට අතිරේක ආහාර ලබා දීම ආරම්භ කරන විට පළමුව බත් කැද දීමට පුරුදුව ඇත. මෙම කැද බොහෝවිට පිළියෙළ කරුණු ලබන්නේ බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් යොදාගෙනය. නමුත් මෙම ආහාරයේ ශක්ති ජනක අගය අඩු වන අතර දියරමය ස්වභාවය ද වැඩි වේ.එනිසා මෙය ළදරුවාගේ දිනක ශක්ති අවශ්‍යතාව සපුරලිඉමට අපොහොසත් වේ. මෙයට හොදම විසදුම වන්නේ ඇමයිලේස් බහුල ආහාරයක් මෙයට එකතු කිරීමයි.එමගින් ආහාරයේ මුළු පරිමාව අඩු වන අතර එහි ශක්ති ප්‍රමානය ද වැඩි වේ.එනිසා එය ළදරුවාට පහසුවෙන් ආහාරයට ගත හකිවේ. මෙම ඇමයිලේස් බහුල ආහාර ඔබට නිවසේදීම පිළියෙළ කර ගත හැකි වේ.ඒ සදහා පහත ක්‍රමය යොදාගත හැක.

1. මුං , කවුපි , උඳු යන ඕනෑම ධාන්‍ය වර්ගයක් තෝරා ගන්න.
2. එය මුල් අදින තුරු වතුරේ පොඟවා ගන්න;පැය 48 ක් පමණ තැබීම ප්‍රමාණවත් වේ.
3. පසුව එය හිරු එළියේ හෝ උදුනක අඩු උෂ්ණත්වයක් යටතේ වියලා ගන්න.

4.වියලුනු පසුව එය කුඩු කර ගන්න

5.එම කුඩු පියන හොදින් වැසිය හැකි බෝතලයක බහා තබන්න.

6. ළදරුවාට ආහාර පිළියෙළ කරන විට මෙම කුඩු තේ හැදි 1 ක් ඊට එකතු කරන්න
මෙය ඔබට නිවසේදී සාදා ගත හැකි සුළු මුදලක් වැයවන ආහාරයේ ගන ස්වභාවය වැඩි කර එහි ශක්ති ප්‍රමාණය ද වැඩි කරන පෝෂණ අතිරේකයකි. ඔබත් ළදරුවකු සිටින මවක නම් මෙය අත්හදා බලන්න.


For the English version of this article Click Here๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න

Thursday, October 6, 2011

Amylase Rich Food (ARF) | බබාට දෙන කෑම වල ගුණය වැඩි කර ගන්න, ගෙදරදීම "ඇමයිලේස්" එකතු කර ගනිමු.

Preparation of ARF in the MRI laboratory

During complementary feeding (after 6 months of age), traditionally; the first food introduced to a child is porridge. This is usually prepared from a cereal or cereal flour such as mung, cowpea or ulundu. These porridges tend to have a high viscosity and a low energy content, which may not meet the daily energy requirements of the child.

The addition of ARF lowers the dietary bulk and increases the energy content, thus making the porridge easier to consume as well as increasing the calorie content per unit volume of food consumed.

Amylase is an enzyme that catalyses the breakdown of starch (carbohydrate) into sugars. 

ARF can be easily produced at inexpensively at home, the preparation method can be seen below:

1. Select whole, unbroken grains (i.e. mung, cowpea, ulundu)

2. Soak the grain in water until sprouting takes place (around 48 hours)

3. Dry in the sun / roast lightly on low flame

4. Powder by hand pounding or in an electric grinder

5. Store in a wide mouthed screw cap bottle

6. Add one teaspoon powder to the cereal during the preparation of feeding

Teaching mothers to prepare inexpensive AFR at the household level; Dr.C.L Piyasena Explaning
Homemade ARF is both easy and inexpensive to help prepare a low-bulk, high energy dense meal for your child.



Source: Gopaldas T, Deshpande S, Chinnamma J. Studies on a wheat-based amylase-rich food. The United Nations University.


For the Sinhalese version of this article Click Here | මෙම ලිපියේ සිංහල පරිවර්තනය සඳහා මෙතැනට යන්න. 

Wednesday, October 5, 2011

3G රේඩියෝ අහමු | Listen to 3G Radio Service

මොකද්ද මේ 3G රේඩියෝව?

මේක අලුත්ම උත්සාහයක්. මෙහිදී අප උත්සාහ කරන්නේ ජනයා අතරටම ගොස් ඔවුන්ගේ පෝෂණ දැනුම උසස් කිරීමටයි.මෙවැනි ක්‍රියාමාර්ග "ප්‍රජාව සවිබල ගැන්වීම/Community Empowerment" ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ට ආහාර දීමේ පුරුදු නිවැරදි කිරීම මගින් පෝෂණ හා සෞඛ්‍ය තත්වය උසස් කිරීම අප මෙහිදී බලාපොරොත්තු වෙනවා.


වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි,

මුලින්ම අප විසින් යම් ග්‍රාමයක් තෝරා ගෙන ඔවුන්ට නිවැරදි ආහාර පුරුදු ගැන පුහුණුවක් දෙනු ලබනවා.ඒ සඳහා පෙර පිහිටුවා ඇති මාධ්‍ය සමාජ උපකාරී වනවා.

ඉන්පසුව ඔවුන් එම දැනුම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.එම පිටපත් අධ්‍යක්ෂණය ආදී සියල්ලම කරන්නේ ගමෙන්ම සොයාගත් දක්ෂයින් අතින්.මෙමගින් ඔවුන්ගේ කලා කුසලතාවයන්ට වේදිකාවක් විවර වෙනවා. කවි ,සින්දු මෙන්ම රසවත් දෙබස් ඇතුලත්ව කරන මෙම වැඩසටහන සකස් වී ඇත්තේ ආච්චි, දුව හා මිනිපිරිය යන පරම්පරා තුන නියෝජනය වන ආකාරයටයි; එමනිසා 3 Generations යන අර්ථයෙන් මෙයට "3G Radio" කියා නම තබා තිබෙනවා.

ගමේ පොදු ස්ථානයකදී මෙම වැඩසටහන් සජීවීව සිදුකරන අතර සමහර වැවසටහන් පටිගත කර පසුව විකාශය කරනවා; ඒ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ සවස 4 සිට 5 දක්වා කාලය තුලයි.

මාසයකට පැයේ වැඩසටහන් 5ක් පමණ විකාශය වන අතර එම වෙලාවන් කලින් ගුවන්විදුලියෙන් දැනුම් දෙනවා, මෙම වැඩසටහන් ශ්‍රවණය කිරීමට එම ගම්වල පුල පුලා බලා සිටිනවා, ඒ ඔවුන්ගේ නිර්මාණ රටටම ඇසෙන්න විකාශය වන අයුරු ශ්‍රවණය කිරීමටයි.

අප විසින් සෑම පටිගත කිරීමක් අතරතුරම ,පෙර සතියක පටිගත කල වැඩසටහනක් ගුවන් විදුලිය ඔස්සේ එම ජනතාවට ඇසීමට සලස්වනවා. එමෙන්ම සෑම වැඩසටහනකටම පෙර හා පසු ගැමියන්ගේ දැනුම් මට්ටම මැන බැලීමක්ද සිදු කරනවා.

මෙම සංකල්පය අන්තර්ජාතික තරඟයකට ඉදිරිපත් කර ජයග්‍රහණය කළ වැඩපිළිවෙලක්, දැනට මෙය ඈත පිටිසර ගම් නියම්ගම් රැසක ඉතා ඉහල ජන ප්‍රසාදයක් සහිතව දියත් කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙය  ක්‍රියාත්මක කරන්නේ "3G රේඩියෝ ටීම්" මගින්.

මෙම වැඩසටහන් නුදුරේදීම වැඩසටහන් මාලාවක් ලෙස බ්ලොග් අවකාශයට දායාද කිරීමට අප බලාපොරොත්තු වෙනවා, එමගින් මෙම වැඩසටහන් ගුවන් විදුලි විකාශන කාලය තුල අසා ගැනීමට නොහැකි අයට අසාගැනීමට මෙන්ම අනාගතයෙදීද අසා ගැනීමට සංචය කර තබාගැනීමට හැකිවනු ඇති.ගුවන් විදුලිය ඔස්සේ මේවා සජීවීව ශ්‍රවණය කිරීමට කැමති ඔබ හට , එම ගුවන් කාලයන් හා සංඛ්‍යාත අපි පසුව දැනුම් දෙන්නම්.

පහත දැක්වෙන්නේ පසුගියදා දකුණු පළාතේ බෙංගමුව නම් ග්‍රාමයේදී සිදු කළ වැඩසටහනක්. එම වැඩසටහන කෙරුණු ආකාරය වීඩියෝවේ දැක්වෙන පින්තූර මගින් පෙන්වා තිබෙනවා.





මෙම වැඩසටහනේ පිටපත මෙතැනින් බලා ගන්න

මෙම නැවුම් ව්‍යායාමය ඔබටත් නැවුම් අත්දැකීමක් වනු නියතයි!



ලිව්වේ- වෛද්‍ය වේදිෂ ගන්කන්ද, 
විශේෂ ස්තුතිය - 3G රේඩියෝ කණ්ඩායමේ සමන් කුමාර ප්‍රියදර්ශණ මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගම්වාසීන්ට.

Monday, October 3, 2011

මුරුංගා වල ගුණ දන්නවාද ?| Do You Know the Health Benefits of Drumstick Leaves?


Moringa oleifera

මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද  මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.


මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය.  නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C  පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම්  සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු  කැල්සියම්  සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම්  සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.


පෝෂ
මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය
අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය
මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ  දිනක අවශ්‍යතාවයෙන් %  ලෙස
β කැරොටින්
192µg
2400
120%
විටමින් C
6.6 mg
30
330%
යකඩ
0.26mg
9
8.7%
කැල්සියම්
22.4 mg
500
13.4%
පොස්පොරස්
6.3 mg
800
2.4%
මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින්  සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½  බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන්  සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.

මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.






Written by - Dr. Malsha Gunathilake
Information by - Dr. Renuka Jayatissa



For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

Wednesday, June 22, 2011

Complementary Feeding Day at MRI | ඔබේ දරුවාට කෑම දෙන නිවැරදි ආකාරය දැන ගන්න ජුනි 24 වැනදා වෛද්‍ය පර්යේෂණ ආයතනයට එන්න



"We are willing to give something important to the society which will bring long-term benefits. One thing we have specifi­cally noticed is most of the babies who are born perfectly healthy start reducing their good health condition after six months, no sooner the complementary feeding is started. Complementary feeding practices are not strong enough in Sri Lanka since there are a tot of useless beliefs and myths. It is a huge obsta­cle which we have to get rid of."

"The critical peri­od of growth of a baby is during the first two years where their brain growth occurs. Brain growth could be badly affected by wrong feeding practices which could result in many negative outcomes. This directly affects the longer term growth and it could result in malnutri­tion which is really diffi­cult to reverse. To do so, there are a number of food items and combination of food which should be given in a very particular and perfect manner."
"We hope to conduct a very important pro­gramme, totally focusing on complementary feeding practices. We have done an island wide research on this and are willing to give its benefits to the people. We will hold complemen­tary feeding day on June 24 targeting to give a proper training to our medical officers, especially to the midwives who are very close to mothers as these  problems can be identified and to advo­cate and counsel them. And the other important thing is to make people aware of it via media.

Media has to play a vital rote, on the other hand we try to make people understand that the  wrong beliefs and myths of different communities are unneces­sary and unrealistic. We hope to educate them on what should and should not be done" 

Based on an interview wiith Dr.Renuka Jayatissa done by Nipuni Wimalapala

Friday, June 10, 2011

Amylase Rich Food (ARF)

Preparation of ARF at the MRI laboratory
During complementary feeding (after 6 months of age), traditionally; the first food introduced to a child is porridge. This is usually prepared from a cereal or cereal flour such as mung, cowpea or ulundu. These porridges tend to have a high viscosity and a low energy content, which may not meet the daily energy requirements of the child.

The addition of ARF lowers the dietary bulk and increased the energy content, thus making the porridge easier to consume as well as increasing the calorie content per unit volume of food consumed.

ARF can be easily produced inexpensively at home. The preparatory method can be seen below:

1. Select whole, unbroken grains (i.e. mung, cowpea, ulundu) 


2. Soak the grains in water until sprouting takes place (around 48 hours)

3. Dry in the sun / roast lightly on low flame

4. Powder by hand pounding or in an electric grinder

5. Store in a wide mouthed screw cap bottle

6. Add one teaspoonful powder to the cereal during the preparation of feeding


Homemade ARF is both easy and inexpensive to help prepare a low-bulk, high-energy dense meal for your child.

Teaching mothers the easy and inexpensive method of preparing ARF at the household level

Source: Gopaldas T, Deshpande S, Chinnamma J. Studies on a wheat-based amylase-rich food. The United Nations University.