The Official Blog of the Department of Nutrition, Medical Research Institute, Sri Lanka
Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !
Showing posts with label diabetes. Show all posts
Showing posts with label diabetes. Show all posts
Sunday, November 18, 2012
Anti Cancer Drugs | පිළිකා නාශක පලතුරු
Labels:
cholesterol,
CME,
complementary feeding,
diabetes,
Eating well,
fruits,
Healthy Eating
Thursday, May 24, 2012
දියවැඩියාව පාලනයට සහ වලක්වා ගැනීමට ක්‍රියාශීලී දිවි පෙවෙතක්
දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය කිරීමෙහිලා ව්‍යායාම
කිරීම අතිශයින්ම වැදගත් වේ. ව්‍යායාමයන්හි නිරත වීමෙන් රුධිරයේ සීනි හා මේද අම්ල
සඳහා යහපත් බලපෑමක් ඇති කරයි.
ව්‍යායාම ඔබේ සිරුරේ ශක්තිය දහනය කිරීමටත්, බර පාලනය කිරීමටත් උපකාරීවේ. එමෙන්ම මානසික ආතතිය අඩු කර
ගැනීමටද එය පිටුවහලක් වේ. එපමනක්ද නොව ප්‍රබෝධවත්
හැඟීමක් පවත්වාගෙන යාමටද ව්‍යායාම ඉවහල් වන බව කිව යුතුය.
මීට අමතරව දිනපතා සිදු කරන ව්‍යායාම මඟින් සිරුර, ඉන්සියුලින් සඳහා දක්වන සංවේදීතාව වැඩි කරයි. එමෙන්ම දියවැඩියා ඖෂධ හා ඉන්සියුලින් වඩාත් ප්‍රතිඵලදායී වීම
සඳහාද වැදගත් වේ.
තවද ව්‍යායාම තුලින් රුධිරය සිරුරේ ගමන් කිරීම ක්‍රමවත් කරන අතර එය කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පහල දමයි. එවිට එය හෘදවාහිනී රෝග අඩුවීමටද
හේතු වේ.
ඉන්සියුලින් ලබා ගනු ලබන රෝගීන් වෙහෙසකර කාර්යන් අතරතුරදී හෝ එයට පසුව රුධිරගත සීනි මට්ටම අඩු වීම වළක්වා ගැනීම සඳහා ආහාර රටාවක් සකස් කර ගැනීම අවශ්‍ය
වේ.
ව්‍යායාම මඟින් දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාව
අඩු කරන අතර ආහාර අවශ්‍යතාව වැඩි කරයි. මෙහිදී දිනපතා කායික වශයෙන් ක්‍රියාකාරීවීම
වැදගත් වන අතර ඒ අනුව ආහාර ගැනීමේ චර්යාව වෙනස්කර ගත යුතුය.
- ඔබ පාරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය දවාලීමට සුදුසු ලෙස කායික ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න.
- සතියකදී වැඩි දින ගණනක්, අවම වශයෙන් මිනිත්තු 30 ක් වෙහෙසකර ක්‍රියාකාරකම් වල නිරතවන්න ව්‍යයාමයන්හි නිරත වීම සඳහා මිතුරු කණ්ඩායමක් සංවිධානය කර ගෙන ව්‍යායාම සැලසුමක්ද කතිකාකර ගන්න.
- රූපවාහිනිය නැරඹීම දිනකට පැය දෙකකට වඩා අඩු කරන්න.
- නිවසේදී සරල ව්‍යායාමවල නිරත වන්න. ආරම්භයේදී සෙමෙන් පටන් ගන්න.
සැලකිය යුතුයි.
ඔබ කවදා හෝ හෘදය සම්බන්ධ රෝග, අධිරුධිර පීඩනය හෝ පපුවේ අමාරු,
කරැකැවිල්ල, කලන්තය, ආතරයිටීස් වැනි රෝගයන්ගෙන් පීඩා විඳ ඇත්නම් සංකීර්ණ වූ ව්‍යායාම
ආරම්භ කිරීමට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවන්න. එමෙන්ම ඔබ වයස අවුරුදු 40 ට වැඩි පුරුෂයෙකු හෝ වයස 50 වැඩි කාන්තාවක
නම්, එවිටද සංකීර්ණ වු ව්‍යායාම ආරම්භ කිරීමට ප්‍රථම වෛද්‍යවරයෙකු හමු වී උපදෙස්
ලබා ගන්න.
|
මධ්‍යම ප්‍රමාණයේ කායික ක්‍රියාකාරකම් සඳහා නිදසුන්
(ආසන්න වශයෙන් කැලරි 150 ක් දහනය වේ)
|
|
|
සාමාන්‍ය ගෘහස්ත කටයුතු
·
මිනි.45-60 ජනේල හෝ බිම සේදිම.
·
මිනි.30-45 ගෙවතු වැඩ වල නිරතවීම.
·
මිනි. 45-60 මෝටර් රථය සේදීම හා ඔප දැමීම.
·
මිනි. 30 තණ කොළ කපන යන්ත්‍රය තල්ලු කිරීම.
·
මිනි.30 ගෙවත්ත අතුගෑම.
·
මිනි. 30 කි.මී. 3 දුර ඇවිදීම.
·
මිනි. 15 පඩිපෙල නැඟීම.
·
මිනි. 30-40 රෝද පුටුවක් තමන් විසින් පදවා යාම.
|
ක්‍රීඩාමය ක්‍රියාකාරකම්
·
මිනි.45-60 වොලිබෝල් සෙල්ලම් කිරීම.
·
මිනි.45 පාපන්දු ගැසීම.
·
මිනි. 35 තුළ කි.මි. 3 ඇවිදිම / මිනි. 20 තුළ කි.මි. 2 ඇවිදීම.
·
මිනි. 30 තුළ කි.මි. 8 දුර බයිසිකල් පැදීම.
·
මිනි. 30 වේගයෙන් නැටීම.
·
මිනි. 30 වතුරෙහි කරන ජල ව්‍යායාම.
·
මි. 20 පිහිනීම.
·
මිනි.15-20 බාස්කට් බෝල් සෙල්ලම් කිරීම.
·
මිනි. 15 තුළ කි.මි.6.5 බයිසිකල් පැදීම.
·
මිනි. 15 ස්කිප් කිරීම (ස්කිප් ලනුවක් භාවිතයෙන්)
·
මිනි. 15 තුළ කි.මි. 2.5
දිවීම (මිනි. 6 තුළ කි.මි. 1)
|
Labels:
diabetes
Tuesday, November 29, 2011
දවසකට සීනි හැඳි කොච්චර ඕනද? | How much tea spoons full of Sugar do I need per day?
Labels:
diabetes,
sugar,
සිංහල ලිපි,
සීනි
Subscribe to:
Posts (Atom)


