Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Wednesday, October 12, 2011

ඇමයිලේස් බහුල ආහාර වලින් දරුවන්ට වඩාත් ගුණාත්මක අතිරේක ආහාර.....| Amylase Rich Food (ARF) |

සාමාන්‍යයෙන් ළදරුවනට අතිරේක ආහාර ලබා දීම ආරම්භ කරන විට පළමුව බත් කැද දීමට පුරුදුව ඇත. මෙම කැද බොහෝවිට පිළියෙළ කරුණු ලබන්නේ බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් යොදාගෙනය. නමුත් මෙම ආහාරයේ ශක්ති ජනක අගය අඩු වන අතර දියරමය ස්වභාවය ද වැඩි වේ.එනිසා මෙය ළදරුවාගේ දිනක ශක්ති අවශ්‍යතාව සපුරලිඉමට අපොහොසත් වේ. මෙයට හොදම විසදුම වන්නේ ඇමයිලේස් බහුල ආහාරයක් මෙයට එකතු කිරීමයි.එමගින් ආහාරයේ මුළු පරිමාව අඩු වන අතර එහි ශක්ති ප්‍රමානය ද වැඩි වේ.එනිසා එය ළදරුවාට පහසුවෙන් ආහාරයට ගත හකිවේ. මෙම ඇමයිලේස් බහුල ආහාර ඔබට නිවසේදීම පිළියෙළ කර ගත හැකි වේ.ඒ සදහා පහත ක්‍රමය යොදාගත හැක.

1. මුං , කවුපි , උඳු යන ඕනෑම ධාන්‍ය වර්ගයක් තෝරා ගන්න.
2. එය මුල් අදින තුරු වතුරේ පොඟවා ගන්න;පැය 48 ක් පමණ තැබීම ප්‍රමාණවත් වේ.
3. පසුව එය හිරු එළියේ හෝ උදුනක අඩු උෂ්ණත්වයක් යටතේ වියලා ගන්න.

4.වියලුනු පසුව එය කුඩු කර ගන්න

5.එම කුඩු පියන හොදින් වැසිය හැකි බෝතලයක බහා තබන්න.

6. ළදරුවාට ආහාර පිළියෙළ කරන විට මෙම කුඩු තේ හැදි 1 ක් ඊට එකතු කරන්න
මෙය ඔබට නිවසේදී සාදා ගත හැකි සුළු මුදලක් වැයවන ආහාරයේ ගන ස්වභාවය වැඩි කර එහි ශක්ති ප්‍රමාණය ද වැඩි කරන පෝෂණ අතිරේකයකි. ඔබත් ළදරුවකු සිටින මවක නම් මෙය අත්හදා බලන්න.


For the English version of this article Click Here๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න

2 comments:

  1. අර උඩ හයි කරලා තියෙන BMI Calculator එකනං හරි වටිනවා...
    මගේ උසයි බරයි දාලා බැළුවම ආව ප්‍රතිඵලේ දැක්කම පුදුම සංතෝසයක් දැනුනේ..

    ReplyDelete
  2. මෙලෙස සකසා ගත් පිටි එකතු කල යුත්තේ කෑම පිසීමට පෙරද පසුවද

    ReplyDelete

ඔබේ අදහස් මෙහි සටහන් කරන්න....
Feel free to comment..