The Official Blog of the Department of Nutrition, Medical Research Institute, Sri Lanka
Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !
Showing posts with label Healthy Eating. Show all posts
Showing posts with label Healthy Eating. Show all posts
Sunday, November 18, 2012
Anti Cancer Drugs | පිළිකා නාශක පලතුරු
Labels:
cholesterol,
CME,
complementary feeding,
diabetes,
Eating well,
fruits,
Healthy Eating
Monday, November 5, 2012
Benefits of Red Fruits | රතු පාට එළවලු, පලතුරු වල ගුණ
Labels:
fruits,
Healthy Eating,
එළවලු,
පලතුරු
Monday, January 23, 2012
HOW HEALTHY ARE YOUR EATING HABITS?
Try the Automated quiz here....
Put a tick to every statement that you can honestly agree with and see how you measure up.
2. When I snack I generally stick to nuts, fruits or vegetables snacks
3. I limit my intake of high-fat or sugary foods to a minimum of one a day
TRY THIS QUIZ…………
HOW HEALTHY ARE YOUR EATING HABITS?
1. I eat at least five portions of fruits and vegetables a day (One portion should be around 80g or 3 tablespoons full cooked vegetables or green leaves)
2. When I snack I generally stick to nuts, fruits or vegetables snacks
3. I limit my intake of high-fat or sugary foods to a minimum of one a day
4. I understand the difference between types of fat (saturated and unsaturated fat) and always opt for heart friendly options when cooking
5. I believe in eating what I want but in moderation
6. I never skip main meals (breakfast, lunch and dinner)
7. My daily diet is varied and full of colours (green, yellow, red etc.)
8. I eat fish at least twice a week
9. I rarely eat processed foods
10. I include all 5 food groups in my daily meals (cereals, vegetables, fruits, milk or milk products, pulses /fish / meat / eggs or soya)
How did you do?
1-3 TICKS You could definitely do better. Take the time to notice what and when you’re eating, and follow some of the advice above to develop new eating habits that will ensure good health.
4-7 TICKS You’re on the right path, but perhaps some of the facts above will help to modify your diet to form even better patterns of eating. When it comes to nutrition every little bit really does help.
8-10 TICKS Congratulations – you enjoy a healthy lifestyle and no doubt this is reflected in your health. Hopefully you’ve achieved a balance between healthy eating and enjoying your food in moderation.
Labels:
Healthy Eating
Friday, October 21, 2011
Manioc can be harmful! | මඤ්ඤොක්කා වැඩිපුර කන්නේ බලාගෙනයි!
Until recently, manioc (cassava) has been in the lime light as a food with anti-cancerous properties due to the availability of ‘vitamin B17’.
We inquired about this from the World Health Organisation (WHO) headquarters, Geneva. The WHO Joint Secretary to JECFA and JMPR replied that the Joint FAO/WHO expert committee on Food Additives (JECFA) had recently assessed the toxic nature of cyanogenic glycosides. They confirmed that ‘vitamin B17’ is not in fact a vitamin.
The following information on manioc is provided for three reasons:
1. Cyanogenic glycoside
Manioc contains a cyanogenic glycoside called linamarin, a compound related to amygdalin. ‘Vitamin B17’ falls under the compound called amygdalin, which occurs naturally in plants. However, amygdalin belongs to the group of compounds known as ‘cyanogenic glycosides’, which contains cyanide (toxic compound which can have a negative effect on the central nervous system) that can be released upon digestion in the human body, which can even be a source of intoxication.
2. High glycemic index (GI)
Studies have shown that manioc has a very high GI of around 94, compared with white bread (reference food). High GI food rapidly raises blood glucose, which leads to you being hungry faster. Comparatively, low GI food releases glucose more slowly and steadily, which is more favourable as you feel full for longer.
3. Low protein
Manioc has a minimum amount of protein available, so consuming a meal with only manioc can lead to “protein-calorie malnutrition”. This is where inadequate amount of protein in the diet can lead to malnutrition. This form of malnutrition can eventually lead to kwashiorkor and marasmus in children.
However, it is ok to consume manioc as a curry as a part of your main meal on occasion.
Below is the letter sent by WHO for your information:
"The so-called 'vitamin B17' is in fact no vitamin, it is a compound called amygdalin that occurs naturally in certain plants. I understand that this has been promoted as cancer treatment, however this is totally non-scientific and there seems to be no evidence of effectiveness. To the contrary, amygdalin belongs to the group on compounds called 'cyanogenic glycosides' which contain cyanide that can be liberated when digested in the human body, and can even be a source of intoxication.
Cassava also contains a cyanogenic glycoside called linamarin, a compound related to amygdalin.
The Joint FAO/WHO Expert Committee on Food Additives (JECFA) has just recently evaluated the toxicity of cyanogenic glycosides, and the summary report is accessible on the web: http://www.who.int/foodsafety/chem/jecfa/summaries/Summary74.pdf . The full report and detailed monographs are in preparation and will be published by the end of this year."
Cassava also contains a cyanogenic glycoside called linamarin, a compound related to amygdalin.
The Joint FAO/WHO Expert Committee on Food Additives (JECFA) has just recently evaluated the toxicity of cyanogenic glycosides, and the summary report is accessible on the web: http://www.who.int/foodsafety/chem/jecfa/summaries/Summary74.pdf . The full report and detailed monographs are in preparation and will be published by the end of this year."
Thursday, October 6, 2011
Amylase Rich Food (ARF) | බබාට දෙන කෑම වල ගුණය වැඩි කර ගන්න, ගෙදරදීම "ඇමයිලේස්" එකතු කර ගනිමු.
![]() |
| Preparation of ARF in the MRI laboratory |
During complementary feeding (after 6 months of age), traditionally; the first food introduced to a child is porridge. This is usually prepared from a cereal or cereal flour such as mung, cowpea or ulundu. These porridges tend to have a high viscosity and a low energy content, which may not meet the daily energy requirements of the child.
The addition of ARF lowers the dietary bulk and increases the energy content, thus making the porridge easier to consume as well as increasing the calorie content per unit volume of food consumed.
Amylase is an enzyme that catalyses the breakdown of starch (carbohydrate) into sugars.
ARF can be easily produced at inexpensively at home, the preparation method can be seen below:
1. Select whole, unbroken grains (i.e. mung, cowpea, ulundu)
2. Soak the grain in water until sprouting takes place (around 48 hours)
3. Dry in the sun / roast lightly on low flame
4. Powder by hand pounding or in an electric grinder
5. Store in a wide mouthed screw cap bottle
6. Add one teaspoon powder to the cereal during the preparation of feeding
![]() |
| Teaching mothers to prepare inexpensive AFR at the household level; Dr.C.L Piyasena Explaning |
Source: Gopaldas T, Deshpande S, Chinnamma J. Studies on a wheat-based amylase-rich food. The United Nations University.
For the Sinhalese version of this article Click Here | මෙම ලිපියේ සිංහල පරිවර්තනය සඳහා මෙතැනට යන්න.
For the Sinhalese version of this article Click Here | මෙම ලිපියේ සිංහල පරිවර්තනය සඳහා මෙතැනට යන්න.
Wednesday, October 5, 2011
3G රේඩියෝ අහමු | Listen to 3G Radio Service
මොකද්ද මේ 3G රේඩියෝව?
මේක අලුත්ම උත්සාහයක්. මෙහිදී අප උත්සාහ කරන්නේ ජනයා අතරටම ගොස් ඔවුන්ගේ පෝෂණ දැනුම උසස් කිරීමටයි.මෙවැනි ක්‍රියාමාර්ග "ප්‍රජාව සවිබල ගැන්වීම/Community Empowerment" ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ට ආහාර දීමේ පුරුදු නිවැරදි කිරීම මගින් පෝෂණ හා සෞඛ්‍ය තත්වය උසස් කිරීම අප මෙහිදී බලාපොරොත්තු වෙනවා.
වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි,
මුලින්ම අප විසින් යම් ග්‍රාමයක් තෝරා ගෙන ඔවුන්ට නිවැරදි ආහාර පුරුදු ගැන පුහුණුවක් දෙනු ලබනවා.ඒ සඳහා පෙර පිහිටුවා ඇති මාධ්‍ය සමාජ උපකාරී වනවා.
ඉන්පසුව ඔවුන් එම දැනුම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.එම පිටපත් අධ්‍යක්ෂණය ආදී සියල්ලම කරන්නේ ගමෙන්ම සොයාගත් දක්ෂයින් අතින්.මෙමගින් ඔවුන්ගේ කලා කුසලතාවයන්ට වේදිකාවක් විවර වෙනවා. කවි ,සින්දු මෙන්ම රසවත් දෙබස් ඇතුලත්ව කරන මෙම වැඩසටහන සකස් වී ඇත්තේ ආච්චි, දුව හා මිනිපිරිය යන පරම්පරා තුන නියෝජනය වන ආකාරයටයි; එමනිසා 3 Generations යන අර්ථයෙන් මෙයට "3G Radio" කියා නම තබා තිබෙනවා.
ගමේ පොදු ස්ථානයකදී මෙම වැඩසටහන් සජීවීව සිදුකරන අතර සමහර වැවසටහන් පටිගත කර පසුව විකාශය කරනවා; ඒ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ සවස 4 සිට 5 දක්වා කාලය තුලයි.
මාසයකට පැයේ වැඩසටහන් 5ක් පමණ විකාශය වන අතර එම වෙලාවන් කලින් ගුවන්විදුලියෙන් දැනුම් දෙනවා, මෙම වැඩසටහන් ශ්‍රවණය කිරීමට එම ගම්වල පුල පුලා බලා සිටිනවා, ඒ ඔවුන්ගේ නිර්මාණ රටටම ඇසෙන්න විකාශය වන අයුරු ශ්‍රවණය කිරීමටයි.
අප විසින් සෑම පටිගත කිරීමක් අතරතුරම ,පෙර සතියක පටිගත කල වැඩසටහනක් ගුවන් විදුලිය ඔස්සේ එම ජනතාවට ඇසීමට සලස්වනවා. එමෙන්ම සෑම වැඩසටහනකටම පෙර හා පසු ගැමියන්ගේ දැනුම් මට්ටම මැන බැලීමක්ද සිදු කරනවා.
මෙම සංකල්පය අන්තර්ජාතික තරඟයකට ඉදිරිපත් කර ජයග්‍රහණය කළ වැඩපිළිවෙලක්, දැනට මෙය ඈත පිටිසර ගම් නියම්ගම් රැසක ඉතා ඉහල ජන ප්‍රසාදයක් සහිතව දියත් කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙය ක්‍රියාත්මක කරන්නේ "3G රේඩියෝ ටීම්" මගින්.
මෙම වැඩසටහන් නුදුරේදීම වැඩසටහන් මාලාවක් ලෙස බ්ලොග් අවකාශයට දායාද කිරීමට අප බලාපොරොත්තු වෙනවා, එමගින් මෙම වැඩසටහන් ගුවන් විදුලි විකාශන කාලය තුල අසා ගැනීමට නොහැකි අයට අසාගැනීමට මෙන්ම අනාගතයෙදීද අසා ගැනීමට සංචය කර තබාගැනීමට හැකිවනු ඇති.ගුවන් විදුලිය ඔස්සේ මේවා සජීවීව ශ්‍රවණය කිරීමට කැමති ඔබ හට , එම ගුවන් කාලයන් හා සංඛ්‍යාත අපි පසුව දැනුම් දෙන්නම්.
පහත දැක්වෙන්නේ පසුගියදා දකුණු පළාතේ බෙංගමුව නම් ග්‍රාමයේදී සිදු කළ වැඩසටහනක්. එම වැඩසටහන කෙරුණු ආකාරය වීඩියෝවේ දැක්වෙන පින්තූර මගින් පෙන්වා තිබෙනවා.
මෙම නැවුම් ව්‍යායාමය ඔබටත් නැවුම් අත්දැකීමක් වනු නියතයි!
මේක අලුත්ම උත්සාහයක්. මෙහිදී අප උත්සාහ කරන්නේ ජනයා අතරටම ගොස් ඔවුන්ගේ පෝෂණ දැනුම උසස් කිරීමටයි.මෙවැනි ක්‍රියාමාර්ග "ප්‍රජාව සවිබල ගැන්වීම/Community Empowerment" ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ට ආහාර දීමේ පුරුදු නිවැරදි කිරීම මගින් පෝෂණ හා සෞඛ්‍ය තත්වය උසස් කිරීම අප මෙහිදී බලාපොරොත්තු වෙනවා.
මුලින්ම අප විසින් යම් ග්‍රාමයක් තෝරා ගෙන ඔවුන්ට නිවැරදි ආහාර පුරුදු ගැන පුහුණුවක් දෙනු ලබනවා.ඒ සඳහා පෙර පිහිටුවා ඇති මාධ්‍ය සමාජ උපකාරී වනවා.
ඉන්පසුව ඔවුන් එම දැනුම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.එම පිටපත් අධ්‍යක්ෂණය ආදී සියල්ලම කරන්නේ ගමෙන්ම සොයාගත් දක්ෂයින් අතින්.මෙමගින් ඔවුන්ගේ කලා කුසලතාවයන්ට වේදිකාවක් විවර වෙනවා. කවි ,සින්දු මෙන්ම රසවත් දෙබස් ඇතුලත්ව කරන මෙම වැඩසටහන සකස් වී ඇත්තේ ආච්චි, දුව හා මිනිපිරිය යන පරම්පරා තුන නියෝජනය වන ආකාරයටයි; එමනිසා 3 Generations යන අර්ථයෙන් මෙයට "3G Radio" කියා නම තබා තිබෙනවා.
ගමේ පොදු ස්ථානයකදී මෙම වැඩසටහන් සජීවීව සිදුකරන අතර සමහර වැවසටහන් පටිගත කර පසුව විකාශය කරනවා; ඒ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ සවස 4 සිට 5 දක්වා කාලය තුලයි.
මාසයකට පැයේ වැඩසටහන් 5ක් පමණ විකාශය වන අතර එම වෙලාවන් කලින් ගුවන්විදුලියෙන් දැනුම් දෙනවා, මෙම වැඩසටහන් ශ්‍රවණය කිරීමට එම ගම්වල පුල පුලා බලා සිටිනවා, ඒ ඔවුන්ගේ නිර්මාණ රටටම ඇසෙන්න විකාශය වන අයුරු ශ්‍රවණය කිරීමටයි.
අප විසින් සෑම පටිගත කිරීමක් අතරතුරම ,පෙර සතියක පටිගත කල වැඩසටහනක් ගුවන් විදුලිය ඔස්සේ එම ජනතාවට ඇසීමට සලස්වනවා. එමෙන්ම සෑම වැඩසටහනකටම පෙර හා පසු ගැමියන්ගේ දැනුම් මට්ටම මැන බැලීමක්ද සිදු කරනවා.
මෙම සංකල්පය අන්තර්ජාතික තරඟයකට ඉදිරිපත් කර ජයග්‍රහණය කළ වැඩපිළිවෙලක්, දැනට මෙය ඈත පිටිසර ගම් නියම්ගම් රැසක ඉතා ඉහල ජන ප්‍රසාදයක් සහිතව දියත් කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙය ක්‍රියාත්මක කරන්නේ "3G රේඩියෝ ටීම්" මගින්.
මෙම වැඩසටහන් නුදුරේදීම වැඩසටහන් මාලාවක් ලෙස බ්ලොග් අවකාශයට දායාද කිරීමට අප බලාපොරොත්තු වෙනවා, එමගින් මෙම වැඩසටහන් ගුවන් විදුලි විකාශන කාලය තුල අසා ගැනීමට නොහැකි අයට අසාගැනීමට මෙන්ම අනාගතයෙදීද අසා ගැනීමට සංචය කර තබාගැනීමට හැකිවනු ඇති.ගුවන් විදුලිය ඔස්සේ මේවා සජීවීව ශ්‍රවණය කිරීමට කැමති ඔබ හට , එම ගුවන් කාලයන් හා සංඛ්‍යාත අපි පසුව දැනුම් දෙන්නම්.
පහත දැක්වෙන්නේ පසුගියදා දකුණු පළාතේ බෙංගමුව නම් ග්‍රාමයේදී සිදු කළ වැඩසටහනක්. එම වැඩසටහන කෙරුණු ආකාරය වීඩියෝවේ දැක්වෙන පින්තූර මගින් පෙන්වා තිබෙනවා.
මෙම වැඩසටහනේ පිටපත මෙතැනින් බලා ගන්න
ලිව්වේ- වෛද්‍ය වේදිෂ ගන්කන්ද,
විශේෂ ස්තුතිය - 3G රේඩියෝ කණ්ඩායමේ සමන් කුමාර ප්‍රියදර්ශණ මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගම්වාසීන්ට.
Monday, October 3, 2011
මුරුංගා වල ගුණ දන්නවාද ?| Do You Know the Health Benefits of Drumstick Leaves?
![]() |
| Moringa oleifera |
මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.
මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.
පෝෂක
|
මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය
|
අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය
|
මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන් % ලෙස
|
β කැරොටින්
|
192µg
|
2400
|
120%
|
විටමින් C
|
6.6 mg
|
30
|
330%
|
යකඩ
|
0.26mg
|
9
|
8.7%
|
කැල්සියම්
|
22.4 mg
|
500
|
13.4%
|
පොස්පොරස්
|
6.3 mg
|
800
|
2.4%
|
මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1
මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.
මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.
මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.
Written by - Dr. Malsha Gunathilake
Information by - Dr. Renuka Jayatissa
For the English version of this article Click Here | මම ලපය ඉංග්රීසි පවතනය සඳහ මතනට යනන.
Thursday, September 22, 2011
මඤ්ඤොක්කා වැඩිපුර කන්නේ බලාගෙනයි! | Manioc can be harmful !
![]() |
| Pic source-http://www.learnnc.org/lp/multimedia/6986 |
මෑත කාලීනව, වැඩිපුර මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මෙයට එක් හේතුවක් නම් එහි අඩංගු විටමින් "B17" නම් ප්‍රති-පිළිකාකාරක සංයෝගයක් ගැන ඇතිවූ කතාබහයි.
මේ ගැන අප ජිනීවා හි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසුවා.එහි ආහාර සුරක්ෂිතතාවය(Food safety)අහාර රසකාරක/පරිරක්ෂක(JECFA-Joint FAO/WHO Committee On Food Additives)මෙන්ම රසායනික කෘමිනාශක වලින් ආහාර වලට අති බලපෑම(JMPR -Joint FAO/WHO Meetings on Pesticide Residues)පිළිබඳ ලේකම්වරිය අප වෙත වාර්තා කර සිටියේ මෙවැනි "විටමින් B17" නම් සංයෝගයක් නැති බවත් එය සමහර ශාඛ වල ස්වභාවිකවම හට ගන්න amygdalin නම් සංයෝගයක් බවත්ය, මෙහි කිසිදු විද්‍යාත්මක ව ඔප්පු කළ ප්‍රති-පිළිකාකාරක ගුණයක් නොමැති බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.
අප මේ ගැන ඔබ දැනුවත් කිරීමට අදහස් කලේ කරුණු 3ක් නිසයි.
1.මඤ්ඤොක්කා නිසි ලෙස ආහාරයට නොගැනීමෙන් විෂ සහිත විය හැකියි,එයට හේතුව එහි ඇති amygdalin, linamarin වැනි සංයෝග අහාර ජීර්ණ පද්ධතිය තුලදී සයනයිඩ් බවට පෙරලීමට හැකි වීමයි.එනිසා මේවා සයනයිඩ් කාරක සංයෝග (cyanogenic glycosides) ලෙස හඳුන්වනවා.
2.මඤ්ඤොක්කා යනු ඉතාම ඉහල ග්ලයිසීමික් අගයයක්(Glyceamic Index) සහිත ආහාරයක්. ග්ලයිසීමික් අගය යනු අප සීනි සහිත ආහාරයක් ගත් විට රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල යන වේගයයි. මෙය පාන් වලට සාපේක්ෂව මනින අතර පාන් වල අගය 100ක් වන විට එය මඤ්ඤොක්කා වල 94ක් වනවා(එය දෙල් වල 60ක් ද, රොටී වල65ක්ද පමණ වීමෙන් මෙය කෙතරම් ඉහල අගයක්දැයි ඔබට පෙනෙනවා ඇති).මේනිසා දියවැඩියාව වැනි රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු විශාල ප්‍රමාණවලින් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් වැලකීම වැදගත්ය.
3.මඤ්ඤොක්කා යනු ප්‍රොටීන් අවම වන ආහාරයක්, එම නිසා මඤ්ඤොක්කා පමණක් ආහාරයට ගැනීමෙන් ඔබේ කැලරි අවශ්‍යතාවය සපිරුනත්, ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපිරීම සිදු නොවීම නිසා "ප්‍රෝටීන් කැලරි දුශ්පෝෂණය";එනම් මන්දපෝෂණයට ලක් විය හැකියි. මීට දශක කිහිපයකට පෙර ප්‍රෝටීන බහුල ආහාර හිඟ වූ සමයේ බතල,මඤ්ඤොක්කා වැනි ආහාර මත අධික ලෙස යැපීම නිසා ලංකාවේ මැරස්මස්, ක්වෝෂියෝකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වය ඉහල ගිය බව අප අත්දැක තිබෙනවා.
කෙසේ නමුත් මඤ්ඤොක්කා ව්‍යංජනයක් හෝ ප්‍රධාන ආහාරවේල සඳහා අල වර්ගයක් ලෙස ගැනීමේ වරදක් නැත.
ඔබේ දැනගැනීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප වෙත දැන්වූ ලිපියෙන් කොටසක් පහත දැක්වෙනවා.
"the so-called 'vitamin B17' is in fact no vitamin, it is a compound called amygdalin that occurs naturally in certain plants. I understand that this has been promoted as cancer treatment, however this is totally non-scientific and there seems to be no evidence of effectiveness. To the contrary, amygdalin belongs to the group on compounds called 'cyanogenic glycosides' which contain cyanide that can be liberated when digested in the human body, and can even be a source of intoxication.
Cassava also contains a cyanogenic glycoside called linamarin, a compound related to amygdalin.
The Joint FAO/WHO Expert Committee on Food Additives (JECFA) has just recently evaluated the toxicity of cyanogenic glycosides, and the summary report is accessible on the web: http://www.who.int/foodsafety/chem/jecfa/summaries/Summary74.pdf . The full report and detailed monographs are in preparation and will be published by the end of this year."
ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
උපදෙස්- වෛද්‍ය රේණුකා ජයතිස්ස
මූලාශ්‍ර - http://www.nutritionsociety.org.uk/bjn/091/0971/0910971.pdf
http://www.who.int/foodsafety/chem/jecfa/summaries/Summary74.pdf
For the English version of this article Click Here | මම ලපය ඉංග්රීසි පවතනය සඳහ මතනට යනන.
Monday, September 12, 2011
"Vitamin " know about it | විටමින් හොඳද? ,නරකද?
Labels:
Healthy Eating,
micronutrient,
MMN,
Nutrition,
toxicity,
Vitamin,
Vitamin E
Monday, August 29, 2011
Iodine deficiency status in Sri Lanka ;Then and Now | ලංකාවේ අයඩින් ඌනතා තත්ත්වය; එදා සහ අද
Since the late 1940’s, many studies have recognized goitre as an endemic in Sri Lanka. A goitre belt was established in the Southwest region that extended over the Western, Sabaragamuwa, Central, Southern Provinces and part of the Uva Province; consisting the wet zone of the country. Several preventative measures had been undertaken to overcome the goitre endemic. However in 1986, it was found the overall goitre prevalence amongst schoolchildren was 18.2%. In response to this and in line with the goals set by the world summit for children in 1990, the Sri Lankan government initiated the “Universal Salt Iodization” programme in 1995. There was also the implementation of the mandatory introduction of iodised salt and potassium iodate, under the Food Act where a minimum of 50ppm iodine at the factory level and 25ppm at the consumer level was made essential. Along with this, cyclic monitoring of the iodine content in drinking water was also initiated from 2001.
Based on previous studies of balance and excretion over a 24-hour period, it has been found that a safe intake between 50ug-100ug can be recommended as a requirement for ones daily intake.
·The goiter prevalence in 1947 was found to be 43% in males and 28% in females
·Comparison of goitre rates :
· 1986 – 18.8% with goitre
· 2000 – 18.0% with goitre
· 2005 – 3.8% with goitre
·Cyclic monitoring of iodine content in drinking water since 2001 found:
· <5.0 in Central, Sabaragamuwa and Uva Provinces
· 5.0-19.9 in Western and Southern Provinces
· 20.0-29.9 in South Western and Eastern provinces
· 30.0-50.0 in North Central Province
· >50.0 in Western Province
·Comparison of urinary iodine levels from 2000 shows:
· 2000 – 145.3ug
· 2005 – 154ug
·Distribution of iodine level in alt at the household level in 2005 was found to be 91.1%
Present (2010):
· Goitre rate in 2010 was found to be 4.4%
· The median urinary iodine levels in 2010 had increased to 163.4ug/L from 2000
· The median urinary iodine levels among pregnant women was 113ug/L
· Iodine content of salt samples at the household level had a median of 21.2ppm
· Only 68.2% were using adequately iodised salt, at the household level
For the Sinhalese version of this article Click Here | මම ලපය සහල පවතනය සඳහ මතනට යනන.
Saturday, August 27, 2011
Life Saving Pumpkin Seeds | දිවි දිගු කරන වට්ටක්කා ඇට
![]() |
| Source: avlazra.wordpress.com |
In this day and age, many Sri Lankans are facing more and more health problems. Amidst this, high cholesterol levels are a priority problem amongst the South Asian population. The type of food consumed plays a vital role in determining ones low-density lipoprotein (LDL) and high-density lipoprotein (HDL). As you know, high LDL levels are known to cause coronary heart disease ,while HDL prevents it; hence the recommended diet constitutes with low LDL and high HDL.
Fat is a concentrated source of energy. Dietary fat is in the form of triglycerides, consisting of three fatty acids and one glycerol unit. Fatty acids can be classified into saturated (known as “bad fat”) and unsaturated fat (known as “relatively good fat”). High levels of saturated fatty acid consumption can give rise to high LDL levels, whereas unsaturated fatty acid consumption can give rise to high HDL levels in the body. Unsaturated fatty acids can be categorised in to monounsaturated fatty acids (MUFA) and polyunsaturated fatty acids (PUFA). MUFA contains one double bond between the carbon atoms of the fatty acid chain, whereas PUFA contains more than one double bond. PUFA can be further classified as omega-3 (EPA, DHA and DPA) and omega-6 (AA and GLA).Some omega-3 and omega-6 fatty acids are called ‘essential fatty acids’ as they cannot be synthesised in the body, thus can only be provided from the diet.
Sources of omega-6 include soybean, corn oil, green leafy vegetables, nuts and seeds, organ meats and egg yolk. Sources of omega-3 include canola oil, nuts and seeds, fish oils, oily fish (canned tuna, mackerel and sardines). Sources of MUFA include various nuts and seeds. Around 10 cashew nuts will suffice for your recommended daily intake of MUFA.
Pumpkin seeds are a very good source of MUFA and PUFA. The composition of pumpkin seeds can be seen below:
Total Fat | 46.7 % | |
PUFA 70% | Alpha linolenic acid | 47 % |
Linoleic acid | 23.4 % | |
MUFA 30% | ῳ -9 fatty acid | 15.9 % |
ῳ- 6 fatty acid | 4.2 % |
Some consume supplements("fish oil capsules") to gain their recommended daily intake of omega-3 and -6. However, consuming pumpkin instead is not a difficult task. After cooking pumpkin, instead of throwing the seeds away; wash them and dry it in the sun/roast it in the oven in low heat. You may consume it with, or without the coat (coat contains fibre), but do not add salt. Pumpkin seeds are sold around the world and can be found in shops in Sri Lanka too. However, preparing pumpkin seeds at home is an easy and inexpensive way to increase your HDL levels and dodge high cholesterol.
Written by Chavindi Uduwaka
For the Sinhalese version of this article Click Here | මම ලපය සහල පවතනය සඳහ මතනට යනන.
Tuesday, August 9, 2011
පාන් පිටි වල ඉතිහාසය | History of Wheat Flour in Sri Lanka
| courtesy-http://static.panoramio.com/photos/original/38155736.jpg |
ධාන්‍යයක් වශයෙන් ගත්කළ ,තිරිඟු යනු කෙඳි, විටමින් B,E හා ප්‍රෝටීන වලින් සරු ආහාරයකි. නමුත් පිෂ්ඨය හැරුණුකොට මේ පෝෂක සියල්ල පවතින්නේ ඇටයේ පිටතින්ම පවතින 12% පමණ වූ බීජාවරණ කොටසෙහිය.
පිටි බවට පෙරළීමේදී නිවුඩ්ඩ ඉවත් කිරීම නිසා බොහෝ විට තිරිඟු පිටි වල මූලික වශයෙන් පිෂ්ඨය පමණක්ම පාහේ අඩංගු වේ. තිරිඟු වල අඩංගු පිශ්ඨය හැර බොහෝ පෝෂක කුරුට්ට සමඟ ඉවත්ව යයි.එම නිසා තිරිඟු ඇට වල කුරුට්ට ඉතිරි වී ඇති ප්‍රතිශතය දැක්වීමට ,අන්තර්ජාතිකව "නිස්සාරණ අනුපාතිකය" (Extraction Rate) යන ප්‍රතිශතය භාවිතා කෙරේ. මෙම අනුපාතිකය ඉහල යන තරමට තිරිඟුවල සුදු පැහැය අඩුවන අතර ගුණාත්මක බව වැඩිවේ.මෙම ඉවත් කරන කුරුට්ට "නිවුඩු" ලෙස සත්ව ආහාර යනාදී නිශ්පාදන කිරීම සඳහා වෙනම වෙළඳපොල කරා යැවිය හැක.
දෙවන ලෝක යුද්ධයට පෙර ලාංකිකයන් පාන් හෝ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගත්තේ නොමැති තරම්ය.එමනිසා ලංකාවට තිරිඟු ආනයනයක්ද සිදු නොවුනි.එකල ලාංකිකයන්ගේ දෛනික ආහාර වේල බෙහෙවින්ම සහල් පිටි මත පදනම් වූවක් විය. උදෑසන ආහාරය සඳහා ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු ආදියත් දිවා හා රාත්‍රී ආහාරය සඳහා එළවළු මාළු පිනි සමඟ බතුත් වශයෙන් ප්‍රධාන ආහාර වේල්ද සවසට අමතර ආහාර වේලක්ද ලබා ගන්නා ලදී.ධනපතීන්ට පමණක් විටෙක පාන් සමඟ බටර් තැවරූ සැන්ඩ්විච් හෝ කේක් වැනි අතුරුපසක් රස විඳීමට ලැබුනි.සෙස්සෝ අළුවා, කැවුම්, කොකිස්,වැනි විවිධ හාල් පිටි ආශ්‍රිත ආහාර ඒ සඳහා භාවිතා කළහ. සාමාන්‍ය ජනයාට මිලදී ගත හැකි එකම තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනය වුයේ “හුළං විස්කෝතු”ය.
එකල MRI(වෛද්‍ය පර්යේෂණ ආයතනය) විසින් කල කරන ලද සමික්ෂණයකට අනුව ශ්‍රී ලාංකිකයන්, සහල් හා සහල් පිටි ආශ්‍රිත ආහාර අවුන්ස 16-18 (ග්‍රෑම් 400-500) පමණ දිනකට ආහාරයට ගන්නා බව සොයාගෙන තිබේ. මෙයට අමතරව කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා, කිරි අල , බතල, වෙල් අල වැනි පිටි බහුල ආහාරද ,ඒවා බහුල කාලවලදී භාවිතා කරනු දක්නට ලැබී ඇත. ඉහතකී ග්‍රෑම් 450 ක සහල් ප්‍රමාණයක් අයෙකුට ලබාදීමට තරම් දේශීය සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ නිසා, බුරුමය වැනි රටවලින් සහල් ආනයනය කිරීමට ඉංග්‍රීසින් විසින් පියවර ගන්නා ලදී.
කෙසේ වුවද ලෝක යුද්ධ සමයේ සහල් ආනයනයට බාධා ඇති විය.මෙයට විසඳුමක් ලෙස ඔස්ට්‍රේලියාව වැනි රටවලින් තිරිඟු හා තිරිගු පිටි ආනයනය කර අඩු තරමින් අයෙකුට ග්‍රෑම් 225 පමණ සලාක ක්‍රමයක් යටතේ බෙදා දීමටත්, ඉතිරි ප්‍රමාණය බජරි වැනි ධාන්‍ය වලින් සපුරා ගැනීමට නියෝග කිරීමටත් ,එකල පාලකයෝ කටයුතු කළහ.තිරිඟු පිටි මහා පරිමාණයෙන් ආනයනය කිරීමේ ආරම්භය මෙයයි.
ලෝක යුද්ධයෙන් පසුවද ඔස්ට්‍රේලියාව, උතුරු ඇමෙරිකාව, යුරෝපය ආදී රටවලින් දිගටම තිරිගු පිටි ආනයනය කිරීම සිදු විය. ආහාර ආධාර ලෙස බොහෝ විට ලැබුනේද තිරිගු පිටි ය.කල්යත්ම තිරිගු ඇට ලංකාවට ආනයනය කර, පිටි බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.මේ සඳහා සිංගප්පුරු සමාගමක් විවින් 1976 දී රජයට යෝජනාවක් ඉදිරිපත් විය. එයට අනුව ලංකාවට ගෙන එන සියළු තිරිගු,පිටි බවට කෙටීමට සමාගම විසින් ත්‍රිකුණාමලයේ යන්ත්‍රාගාරයක් පිහිටුවන අතර ඉන් නිස්සාරණ අනුපාතිකය 70% වූ තිරිගු පිටි නිෂ්පාදනය කෙරේ; මෙහිදී නිපදවෙන 30% වූ නිවුඩ්ඩ සමාගම වෙත ලබාදිය යුතුය.
විවිධ මත ගැටුම් හා සාකච්ඡා රැසකට පසු 1977 දී ප්‍රීමා සමාගම විසින් තම තට්ටු 8 ක් පමණ වූ විශාල තිරිගු පිටි කම්හලක් ත්‍රිකුණාමලයේදී ආරම්භ කරන ලදී. නැව් වලින් ගෙන එන තිරිඟු පළමු මාලයට යාන්ත්‍රිකව ඇදගනිමෙන් පසු එක් එක් මහල් කරා ගමන් කරමින් නිවුඩු ඉවත් කිරීමත් ,පිටි නිපදවීමත් සිදු විය. අවසානයේදී බිම මහලේදී මෙම පිටි අසුරනයන්ට පුරවන ලදී, මෙතැන් පටන් මෙම තිරිඟු පිටි රජයේ ආහාර කොමිසමේ අයිතියට යටත් විය. තත්ත්ව පාලනය සඳහා මෙම යන්ත්‍රාගාරය මගින් නිපදවන සැම පිටි කාණ්ඩයකම නියැදි ගෙන විද්‍යාගාරයක තත්ත්ව පරික්ෂා කිරීම සිදු විය. එය ඉතා සුපිරිසිදුව පවත්වාගන්නා ලදී.එසේම,ඉතා විනයවත් හා කාර්යශුර සේවක මඩුල්ලක් මෙහි සේවය කරන ලදී, දින කීපයක් තිස්සේ මෙම ආයතනය පරික්ෂා කල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජිතයින්ද මෙම කරුණු සහතික කරන ලදී.
පසුව සිදුවූ සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස,මෙහි දැනට නිශ්පාදනය කරන තිරිඟු පිටිවල නිස්සාරණ අනුපාතිකය 74% දක්වා ඉහළ දමාගැනීමට හැකිවී ඇත. කෙසේ වුවද මෙම තිරිඟු පිටි වල පවතින්නේ ඉතාම අඩු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයකි.ඉහත කී අනුපාතිකයන් වෙනස් කරලිම සඳහා ඉතා වියදම් අධික වෙනස්කම් මෙම යන්ත්‍ර වල කිරීමට සිදුවේ.නමුත් ඊට වඩා බෙහෙවින් අඩු වියදමකින් තිරිඟු පිටි වලට විටමින් බී, යකඩ වැනි පෝෂක පිටින් එක් කර “සබලිකෘත” කිරීම කළ හැක.
අනුවාදනය -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
සංස්කාරක සටහන-
පෘතුගීසින් ලංකාවට පැමිණි සමයේ ඔවුන් පාන් සමග වයින් ආහාරයට ගත බවට සාධක පවතී. නමුත් එය මහාපරිමාණ තිරිඟු පිටි ආනයනයක් නොවූ බව පැහැදිලිය.
For the English version of this article Click Here | මම ලපය ඉංග්රීසි පවතනය සඳහ මතනට යනන.
Subscribe to:
Posts (Atom)










