![]() |
| Moringa oleifera |
මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.
මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.
පෝෂක
|
මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය
|
අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය
|
මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන් % ලෙස
|
β කැරොටින්
|
192µg
|
2400
|
120%
|
විටමින් C
|
6.6 mg
|
30
|
330%
|
යකඩ
|
0.26mg
|
9
|
8.7%
|
කැල්සියම්
|
22.4 mg
|
500
|
13.4%
|
පොස්පොරස්
|
6.3 mg
|
800
|
2.4%
|
මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1
මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.
මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.
මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.
Written by - Dr. Malsha Gunathilake
Information by - Dr. Renuka Jayatissa
For the English version of this article Click Here | මම ලපය ඉංග්රීසි පවතනය සඳහ මතනට යනන.
