Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Monday, June 6, 2011

දැනගෙන කමු! | Nutrition-what for?



ඇයි අපි මේ තරම් පෝෂණය ගැන වද විය යුත්තේ?


උපතේ පටන් මරණය තුරා අපගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ ආහාරයි. නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යෙෂණයන්ට අනුව වැඩිපුරම මරණයන්ට හේතුව බෝ නොවන රෝග(Non Communicable Diseases-NCD) වේ.ඒවාට ප්‍රධානතම හේතුව වැරදි ආහාර රටාවන්ය.
මේ අනුව පෝෂණ පිලිවෙත ගත් කල එය අප දිවි රැකුමට මෙන්ම දිවිය කෙටිකිරීමටද හැකි දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය යන්න අප තේරුම් ගත යුතුය.

අපට කුමක් කල හැකිද?

නිවැරදි පෝෂණ පිලිවෙත යයි කියාගනිමින් , දියවැඩියා, අධි රුධිර පීඩනය ආදී රෝග වලින් පෙළෙන්නන් ඔවුනොවුන් ආසා කරන සියලුම ආහාර පානාදියෙන් අත්මිදීමට වෙහෙසීම සිදු කලයුත්තක් නොවේ. මෙවැනි දුර්මත නිසා පෝෂණය යන වචනය පවා බහුතරයකට; විශේෂයෙන්ම ඉහත රෝගීන්ට ඇහැට කටු අනින්නාක් වැනිය.

අපගේ මේ ව්‍යායාමය ඔබගේ දිවි පෙවෙතට සරල, ප්‍රායෝගික හා විද්යාත්මක වූ නව මානයක් ඔස්සේ ඔබේ රුචි අරුචිකම්ද සපුරාලමින් සෞඛ්යමත් ජීවිතයක් කරා මග පෙන්වීමටයි.

ඒ සඳහා ඔබේ අදහස් මෙහි සටහන් කිරීම අපහට කරන මහත් දිරිමත් කිරීමකි.

you may find the english version of this article from here

Written by -
Dr. Wedisha Gankanda

2 comments:

  1. Please give the English version
    Thank you

    ReplyDelete
    Replies
    1. it has been done as you have requested.you may find the english version of this article from here

      Delete

ඔබේ අදහස් මෙහි සටහන් කරන්න....
Feel free to comment..