Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Tuesday, December 6, 2011

ඔස්ටියොපොරෝසිස් වලට බයද? එහෙනම් මේ කෑම වේල ඔබටයි! | Beat Osteoporosis through a Sri Lankan diet

ඔස්ටියොපොරෝසිස් රෝගය , විශේෂයෙන්ම ආර්තවහරනයට ලක් වූ කාන්තාවන් වැඩි වශයෙන් පෙළීමට ඉඩ ඇති රෝග තත්ත්වයක්. මෙම රෝගයේ අතුරු ඵල වන්නේ අස්ථි වල වේදනාව හා බිඳීම් ඇතිවීමයි. කෙසේ නමුත්, වෙළෙඳ දැන්වීම් වල පෙන්වන තරම් අධික පිරිසකට තරුණ අවදියේ සිටම ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් නම් නැහැ.එසේම මෙම රෝගය වලක්වා ගැනීමට මෙන්ම , රෝගය සෑදුනු අය ප්‍රතිකාර ගන්නා අතරතුරත් අවශ්‍ය අමතර කැල්සියම් හා විටමින් ඩී ලබා ගැනීමට මිල අධික පිටි වර්ග අත්‍යවශ්‍ය නැහැ. අපගේ එදිනෙදා ආහාර වේල සුළුවෙන් වෙනස් කිරීමෙන් එය පහසුවෙන්ම ඉටු කරගත හැකියි.ටික වේලාවක් උදෑසනින්ම අව්වේ ඇවිදීමෙන් ,නොමිලේම විටමින් ඩී අවශ්‍ය තරම් ලබා ගත හැකියි.

එසේ කරන ආකාරය ගැන අප විසින් පෙර ඉංග්‍රීසියෙන් පළ කල ලිපි 1 කොටස හා 2 කොටස මෙතැනින්.
රිවිර පුවත්පතේ පලවූ සිංහල ලිපිය මෙතැනින් .

විශාල කර ගැනීමට පින්තූරය මත ක්ලික් කරන්න

Sunday, December 4, 2011

3 ජී රේඩියෝ කුට්ටපිටිය ගමට | 3G radio program in "Kuttapitiya"

ළදරු පෝෂණය පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කරන, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ විකාශනය වන පරම්පරා තුනක් පදනම් කරගත් තේමාවක් ඔස්සේ වූ 3ජී රේඩියෝ සේවාව පිළිබඳ ඔබ දැනටමත් දන්නවා.(ඒ පිළිබඳ පෙර ළිපිය මෙතැනින් ) එහි අලුත්ම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයේ "කුට්ටපිටිය " නම් මනරම් ගමේදී , ගම්වැසියන් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සිදු වුනා. මෙම වැඩසටහන් ශ්‍රවණය කර ඔබට ඔබේ දැනුම ඉහල නංවා ගන්නා අතරේ , එම ගැමියන්ගේ දක්ෂතා අගය කිරීමටත් පුළුවන්; හේතුව මෙම වැඩසටහන් වල පිටපත් රචනයේ සිට සියළු කාර්යයන් ඔවුන්ගේම උත්සාහයක් බැවින්.

1 කොටස

2 කොටස

3 කොටස