Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Monday, August 29, 2011

Iodine deficiency status in Sri Lanka ;Then and Now | ලංකාවේ අයඩින් ඌනතා තත්ත්වය; එදා සහ අද

Since the late 1940’s, many studies have recognized goitre as an endemic in Sri Lanka. A goitre belt was established in the Southwest region that extended over the Western, Sabaragamuwa, Central, Southern Provinces and part of the Uva Province; consisting the wet zone of the country. Several preventative measures had been undertaken to overcome the goitre endemic. However in 1986, it was found the overall goitre prevalence amongst schoolchildren was 18.2%. In response to this and in line with the goals set by the world summit for children in 1990, the Sri Lankan government initiated the “Universal Salt Iodization” programme in 1995. There was also the implementation of the mandatory introduction of iodised salt and potassium iodate, under the Food Act where a minimum of 50ppm iodine at the factory level and 25ppm at the consumer level was made essential. Along with this, cyclic monitoring of the iodine content in drinking water was also initiated from 2001.

Based on previous studies of balance and excretion over a 24-hour period, it has been found that a safe intake between 50ug-100ug can be recommended as a requirement for ones daily intake. 
Past:
·The goiter prevalence in 1947 was found to be 43% in males and 28% in females
·Comparison of goitre rates :
·  1986 – 18.8% with goitre
·  2000 – 18.0% with goitre
·  2005 – 3.8% with goitre
·Cyclic monitoring of iodine content in drinking water since 2001 found:
·  <5.0 in Central, Sabaragamuwa and Uva Provinces
·  5.0-19.9 in Western and Southern Provinces
·  20.0-29.9 in South Western and Eastern provinces
·  30.0-50.0 in North Central Province
· >50.0 in Western Province
·Comparison of urinary iodine levels from 2000 shows:
·  2000 – 145.3ug
·  2005 – 154ug
·Distribution of iodine level in alt at the household level in 2005 was found to be 91.1%

Present (2010): 
·  Goitre rate in 2010 was found to be 4.4%
·  The median urinary iodine levels in 2010 had increased to 163.4ug/L from 2000
·  The median urinary iodine levels among pregnant women was 113ug/L
·  Iodine content of salt samples at the household level had a median of 21.2ppm
·  Only 68.2% were using adequately iodised salt, at the household level



For the Sinhalese version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ස๢๜හල ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 


Saturday, August 27, 2011

Life Saving Pumpkin Seeds | දිවි දිගු කරන වට්ටක්කා ඇට


Source: avlazra.wordpress.com
In this day and age, many Sri Lankans are facing more and more health problems. Amidst this, high cholesterol levels are a priority problem amongst the South Asian population. The type of food consumed plays a vital role in determining ones low-density lipoprotein (LDL) and high-density lipoprotein (HDL). As you know, high LDL levels are known to cause coronary heart disease ,while HDL prevents it; hence the recommended diet constitutes  with low LDL and high HDL.

Fat is a concentrated source of energy. Dietary fat is in the form of triglycerides, consisting of three fatty acids and one glycerol unit. Fatty acids can be classified into saturated (known as “bad fat”) and unsaturated fat (known as “relatively good fat”). High levels of saturated fatty acid consumption can give rise to high LDL levels, whereas unsaturated fatty acid consumption can give rise to high HDL levels in the body. Unsaturated fatty acids can be categorised in to monounsaturated fatty acids (MUFA) and polyunsaturated fatty acids (PUFA). MUFA contains one double bond between the carbon atoms of the fatty acid chain, whereas PUFA contains more than one double bond. PUFA can be further classified as omega-3 (EPA, DHA and DPA) and omega-6 (AA and GLA).Some  omega-3 and omega-6 fatty acids are called ‘essential fatty acids’ as they cannot be synthesised in the body, thus can only be provided from the diet.

Sources of omega-6 include soybean, corn oil, green leafy vegetables, nuts and seeds, organ meats and egg yolk. Sources of omega-3 include canola oil, nuts and seeds, fish oils, oily fish (canned tuna, mackerel and sardines). Sources of MUFA include various nuts and seeds. Around 10 cashew nuts will suffice for your recommended daily intake of MUFA.

Pumpkin seeds are a very good source of MUFA and PUFA. The composition of pumpkin seeds can be seen below:

Total Fat

46.7 %
PUFA 70%

Alpha linolenic acid
47 %
Linoleic acid
23.4 %
MUFA 30%

-9 fatty acid
15.9 %
- 6 fatty acid
4.2 %







Some consume supplements("fish oil capsules") to gain their recommended daily intake of omega-3 and -6. However, consuming pumpkin instead is not a difficult task. After cooking pumpkin, instead of throwing the seeds away; wash them and dry it in the sun/roast it in the oven in low heat. You may consume it with, or without the coat (coat contains fibre), but do not add salt. Pumpkin seeds are sold around the world and can be found in shops in Sri Lanka too. However, preparing pumpkin seeds at home is an easy and inexpensive way to increase your HDL levels and dodge high cholesterol.

Written by Chavindi Uduwaka



For the Sinhalese version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ස๢๜හල ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

Wednesday, August 24, 2011

දිවි දිගු කරන වට්ටක්කා ඇට | Life saving Pumpkin Seeds

Picture-courtesy-http://upload.wikimedia.org/

ලංකාවේ දිනෙන් දින වැඩිවන සෞඛ්‍ය ගැටළු අතර අධි කොලෙස්ටෙරෝල් තත්ත්වය  ප්‍රමුඛ ගැටළුවක්. දකුණු ආසියාතිකයන් වශයෙන් අප මේ ගැටළුවට වඩාත්ම ලක්වන පිරිසක් වනවා.මෙහිදී ආහාර වල ඇති අහිතකර මේදය නිසා රුධිරයේ අහිතකර LDL කොලෙස්ටෙරෝල් මට්ටම ඉහල යන බවත් හිතකර HDL කොලෙස්ටෙරොල් මට්ටම පහල යන බවත් ඔබ දන්නවා.

මේදය සෑදී ඇත්තේ සංතෘප්ත(Saturated) හා අසංතෘප්ත(Unsaturated) යන මේද අම්ල දෙවර්ගයේ සංයෝගයෙන්. සංතෘප්ත මේද අම්ල සත්ව මාංශ ආහාර වල බහුලයි, මේවා මගින් ඉහත කී LDL කොලෙස්ටෙරෝල් මට්ටම ඉහල නංවන නිසා සංතෘප්ත මේද අම්ල අධික ලෙස ආහාරයට ගැනීම ශරීරයට අහිතකරයි.

නමුත් අසංතෘප්ත මේද අම්ල ගත්කල, මේවා ශරීරයට වඩා හිතකරයි. ශාඛ ආහාර වල මේවා බහුලයි, පොල්, සුරියකාන්ත(sunflower) ,ඉරිඟු(corn)හා සෝයා වැනි තෙල් වල අසංතෘප්ත මේද තිබෙනවා.අසංතෘප්ත මේද අම්ල ගත්කල ඒවායේ ඇති රසායනික කාබන් බන්ධන ගණන මත MUFA(Mono Unsaturated Fatty Acid- ඒක අසංතෘප්ත යන මේද අම්ල) හා PUFA(Poly Unsaturated Fatty Acid -බහු අසංතෘප්ත යන මේද අම්ල) ලෙස වර්ග දෙකකට බෙදනවා. DHA, EPA, Omega 3, Omega 6 ආදී වචන වෙළඳ දැන්වීම් හරහා ඔබේ කනට හුරු ඇති. මේවා විවිධ PUFA මේද අම්ල වර්ගයි.

PUFA මේද අම්ල ගත්කල , මේවා බහුල වන්නේ මාළු වලයි. මේ ඔමෙගා 3 මේද අම්ල බහුල නිසාම,මාළුවලින් ඒවා වෙන්කරගෙන  “ෆිශ් ඔයිල්(fish oil)" යන නාමයෙන් විවිධ කරල් වර්ග වාණිජව නිපදවා තිබෙනවා. මේවා භාවිත කිරීම ; විශේෂයෙන්ම හෘද  රෝගීන් අතර දැන් දැන් වඩාත් ප්‍රචලිත වී තිබෙනවා.වැඩිපුර මාළු ආහාරයට ගැනීමෙන් ඔබට මෙම ඔමෙගා 3 මේද අම්ල පහසුවෙන් ලබා ගත හැකියි.

MUFA ගත් කල, විවිධ ඇට වර්ග වල ඇති තෙල් වල ඒවා බහුලයි. එම නිසා රටකජු, කොට්ටන්, මෙන්ම තල ආදී ඇට වර්ග මේස හැඳි 1 ක් (කුඩා රටකජු ඇට 10 පමණ )  දිනපතා ආහාරයට ගැනීම හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හේතු වනවා.

අප ඔබට හඳුන්වා දෙන්නට යන්නේ මෙවැනි ඉතාමත් සරු ඒක අසංතෘප්ත යන මේද අම්ල (MUFA) ප්‍රභවයක්; එනම් වට්ටක්කා ඇටයි. වට්ටක්ක ව්‍යංජනයක් උයා නිමවූ පසු ඉතිරි වන ඇට ටික කුණු කුඩයට දැමීම වෙනුවට, පොත්ත ඇර හෝ නැතිව ඒවා අව්වේ වේලා හෝ  අවන් එකක දමා තරමක් රෝස්ට් කර ගත්විට ප්‍රනීත රසයකින් යුත් ගුණදායක ආහාරයක්‌ ඔබට ලැබෙනවා.මෙයට ලුණු එක් කිරීම සුදුසු වන්නේ නැහැ,හේතුව අධික ලුණු භාවිතය අධි රුධිර පිඩනයට හේතු වන නිසයි. මෙම ආහාරය පහසුවෙන් ඇස ගැටෙන තැනක තැබූ විට පවුලේ සියල්ලන්ම යන එන ගමන් මින් ඇටයක් දෙකක් ආහාරයට ගන්න පෙළඹෙනවා සිකුරුයි.

වට්ටක්කා ඇට වල පෝෂණ අගයයන් පහත දක්වා තිබෙනවා,

Total Fat

46.7 %
PUFA 70%

Alpha linolenic acid
47 %
Linoleic acid
23.4 %
MUFA 30%

ῳ -9 fatty acid
15.9 %
ῳ- 6 fatty acid
4.2 %

මෙසේ සකස් කල, වට්ටක්කා වැනි ඇටවර්ග තායිලන්තය වැනි රටවල විකිණීමට පවා තිබෙනවා. ලංකාවේද සමහර සුපිරි වෙළඳසල් වල මේවා තිබෙනවා. නමුත් ඔබටම කිසිම වියදමක් නැතිව, ඔබේ දිවිය දිගු කර දෙන මෙම ආහාරය නිවසේදීම සකස් කර ගත හැකියි.

ඔබේ අත්දැකීම් අන් අය සමඟද බෙදාගැනීමට පහත සටහන් කරන්න.


වෛද්‍ය රේණුකා ජයතිස්ස (පෝෂණ වෛද්‍ය විශේෂඥ ) මහත්මිය සැපයූ කරුණු අනුව, ලිව්වේ වෛද්‍ය වේදිෂ ගන්කන්ද.



For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

Tuesday, August 23, 2011

වකුගඩු රෝගියෙකු සඳහා ආහාර වට්ටෝරුව | Model diet for a Renal Failure Patient


Acute Renal Failure, Chronic Renal failure ආදී වූ වකුගඩු රෝග අවස්ථාවන් වලදී අධික ලෙස රුධිරයේ යුරියා එකතු වීම හා වකුගඩු ක්‍රියාකාරිත්වය අඩුවීමවල වලක්වාලීම සඳහා ප්‍රෝටීන් ආහාර සිමා කිරීම කලයුතුය. වෛද්‍යවරුන්ගේ හා මෙවැනි රෝගීන්ගේ/ රැකබලාගන්නන්ගේ ප්‍රයෝජනය පිණිස දර්ශීය රෝගියෙකුට සතියකට අවශ්‍ය වියළි ආහාර ප්‍රමාණ පහත වගුවේ දක්වා ඇත.
වකුගඩු රෝගියෙකු සඳහා ආහාර වට්ටෝරුව
දිනය
උදේ
දවල්
රාත්‍රී
සඳුදා
හාල් ග්‍රෑම් 50
පරිප්පු ග්‍රෑම්15
පොල් සම්බෝල ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
රතු නාඩු ග්‍රෑම් 50
වම්බටු ග්‍රෑම් 25
කොහිල ග්‍රෑම්25
ගොටුකොළ සලාද ග්‍රෑම් 25
තලපත් කරවල ග්‍රෑම් 15
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම්25
හාල් ග්‍රෑම් 50
කැකිරි ග්‍රෑම් 25
කොළ මැල්ලුම ග්‍රෑම් 25
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50

අඟහරුවාදා
කව්පි ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50

හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
බෝංචි ග්‍රෑම් 25
කර‌‍විල සලාදය ග්‍රෑම් 25
කංකුන් ග්‍රෑම් 25
කෙසෙල් ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
සෝයාමීට් ග්‍රෑම් 15
බණ්ඩක්කා ග්‍රෑම් 25
කොළ මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
බදාදා
මුං ඇට ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 15
හාල් ග්‍රෑම් 50
බිත්තර 1
රාබු ග්‍රෑම් 25
නිවිති ග්‍රෑම් 25
කැරට් සලාදය ග්‍රෑම් 25
කෙසෙල් 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
හාල්මැස්සන් ග්‍රෑම් 15
වැටකොලු/ කැකිරි ග්‍රෑම් 25
කොළ මැල්ලුම් ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50

බ්‍රහස්පතින්දා
හාල් ග්‍රෑම් 50
මයිසූර් පරිප්පු ග්‍රෑම් 15
පොල් සම්බෝල ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
හාල් ග්‍රෑම් 50
කුකුල් මස් ග්‍රෑම් 15
බෝංචි ග්‍රෑම් 25
කංකුන් මැල්ලුම ග්‍රෑම් 25
කැරට් සලාදය ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
වම්බටු ග්‍රෑම් 25
මුකුනුවැල්ල මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
සිකුරාදා
කඩල ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
අළු කෙසෙල් ග්‍රෑම් 25
කැරට් ග්‍රෑම් 25
කොළ මැල්ලුම් ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
වම්බටු ග්‍රෑම් 25
මුකුණුවැන්න මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50

සෙනසුරාදා
රතු නාඩු ග්‍රෑම් 50
මයිසූර් පරිප්පු ග්‍රෑම් 15
පොල් සම්බෝල ග්‍රෑම් 15
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
බිත්තර 1
බණ්ඩක්කා ග්‍රෑම් 25
කැකිරි ග්‍රෑම් 25
සාරණ ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
වැටකොලු ග්‍රෑම් 30
කොලගෝවා /නිවිති ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
ඉරිදා
මුං ඇට ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 15
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
රාබු ග්‍රෑම් 25
මුකුණුවැන්න මැල්ලුම ග්‍රෑම් 25
‌පිපිඤ්ඤා සලාදය ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
නෝකෝල් ග්‍රෑම් 25
කංකුන් මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50


*මාළු ග්‍රැම් 15යනු සාමාන්‍ය ප්‍රමාණයේ මාළු කැබලි භාගයකි.
*මෙය රෝහල්වල භාවිතය සඳහා සකස් කරන ලද්දක් වන අතර අඩු වියදමකින් ආහාර වේල් පිළියෙළ කිරීමට හැකි ලෙස සකස් කර ඇත. මෙය දැනට සෞඛ්‍ය  අමාත්‍යාංශය මගින් කෙටුම්පත් කිරීම සඳහා කටයුතු කරමින් පවතී.

ලිපිය-වෛද්‍ය රේණුකා ජයතිස්ස, (පෝෂණ වෛද්‍ය විශේෂඥ )

Tuesday, August 9, 2011

පාන් පිටි වල ඉතිහාසය | History of Wheat Flour in Sri Lanka


courtesy-http://static.panoramio.com/photos/original/38155736.jpg

ධාන්‍යයක් වශයෙන් ගත්කළ ,තිරිඟු යනු කෙඳි, විටමින් B,E හා ප්‍රෝටීන වලින් සරු ආහාරයකි. නමුත් පිෂ්ඨය හැරුණුකොට මේ පෝෂක සියල්ල පවතින්නේ ඇටයේ පිටතින්ම පවතින 12% පමණ වූ බීජාවරණ කොටසෙහිය.

පිටි බවට පෙරළීමේදී නිවුඩ්ඩ ඉවත් කිරීම නිසා බොහෝ විට තිරිඟු පිටි වල මූලික වශයෙන් පිෂ්ඨය පමණක්ම පාහේ අඩංගු වේ. තිරිඟු වල අඩංගු පිශ්ඨය හැර බොහෝ පෝෂක කුරුට්ට සමඟ ඉවත්ව යයි.එම නිසා තිරිඟු ඇට වල කුරුට්ට ඉතිරි වී ඇති ප්‍රතිශතය දැක්වීමට ,අන්තර්ජාතිකව "නිස්සාරණ අනුපාතිකය" (Extraction Rate)  යන ප්‍රතිශතය භාවිතා කෙරේ. මෙම අනුපාතිකය ඉහල යන තරමට තිරිඟුවල සුදු පැහැය අඩුවන අතර ගුණාත්මක බව වැඩිවේ.මෙම ඉවත් කරන කුරුට්ට "නිවුඩු" ලෙස සත්ව ආහාර යනාදී නිශ්පාදන කිරීම සඳහා වෙනම වෙළඳපොල කරා යැවිය හැක.
  
දෙවන ලෝක යුද්ධයට පෙර ලාංකිකයන් පාන් හෝ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගත්තේ නොමැති තරම්ය.එමනිසා ලංකාවට තිරිඟු ආනයනයක්ද සිදු නොවුනි.එකල ලාංකිකයන්ගේ දෛනික ආහාර වේල බෙහෙවින්ම සහල් පිටි මත පදනම් වූවක් විය. උදෑසන ආහාරය සඳහා ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු ආදියත් දිවා හා රාත්‍රී ආහාරය සඳහා එළවළු මාළු පිනි සමඟ බතුත් වශයෙන් ප්‍රධාන ආහාර වේල්ද සවසට අමතර ආහාර වේලක්ද  ලබා ගන්නා ලදී.ධනපතීන්ට පමණක් විටෙක පාන් සමඟ බටර් තැවරූ සැන්ඩ්විච් හෝ කේක් වැනි අතුරුපසක් රස විඳීමට ලැබුනි.සෙස්සෝ අළුවා, කැවුම්, කොකිස්,වැනි විවිධ හාල් පිටි ආශ්‍රිත ආහාර ඒ සඳහා භාවිතා කළහ. සාමාන්‍ය ජනයාට මිලදී ගත හැකි එකම තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනය වුයේ “හුළං විස්කෝතු”ය. 
  
එකල MRI(වෛද්‍ය පර්යේෂණ ආයතනය) විසින් කල කරන ලද සමික්ෂණයකට අනුව ශ්‍රී ලාංකිකයන්, සහල් හා සහල් පිටි ආශ්‍රිත ආහාර අවුන්ස 16-18 (ග්‍රෑම් 400-500) පමණ දිනකට ආහාරයට ගන්නා බව සොයාගෙන තිබේ. මෙයට අමතරව කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා, කිරි අල , බතල, වෙල් අල වැනි පිටි බහුල ආහාරද ,ඒවා බහුල කාලවලදී භාවිතා කරනු දක්නට ලැබී ඇත. ඉහතකී ග්‍රෑම් 450 ක සහල් ප්‍රමාණයක් අයෙකුට ලබාදීමට තරම් දේශීය සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ නිසා, බුරුමය වැනි රටවලින් සහල් ආනයනය කිරීමට ඉංග්‍රීසින් විසින් පියවර ගන්නා ලදී.

කෙසේ වුවද ලෝක යුද්ධ සමයේ සහල් ආනයනයට බාධා ඇති විය.මෙයට විසඳුමක් ලෙස ඔස්ට්‍රේලියාව වැනි රටවලින් තිරිඟු හා තිරිගු පිටි ආනයනය කර අඩු තරමින් අයෙකුට ග්‍රෑම් 225 පමණ සලාක ක්‍රමයක් යටතේ බෙදා දීමටත්, ඉතිරි ප්‍රමාණය බජරි වැනි ධාන්‍ය වලින් සපුරා ගැනීමට නියෝග කිරීමටත් ,එකල පාලකයෝ කටයුතු කළහ.තිරිඟු පිටි මහා පරිමාණයෙන් ආනයනය කිරීමේ ආරම්භය මෙයයි.

ලෝක යුද්ධයෙන් පසුවද ඔස්ට්‍රේලියාව, උතුරු ඇමෙරිකාව, යුරෝපය ආදී රටවලින් දිගටම තිරිගු පිටි ආනයනය කිරීම  සිදු විය. ආහාර ආධාර ලෙස බොහෝ විට ලැබුනේද තිරිගු පිටි ය.කල්යත්ම තිරිගු ඇට ලංකාවට ආනයනය කර, පිටි බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.මේ සඳහා සිංගප්පුරු සමාගමක් විවින් 1976 දී රජයට යෝජනාවක් ඉදිරිපත් විය. එයට අනුව ලංකාවට ගෙන එන සියළු තිරිගු,පිටි බවට කෙටීමට සමාගම විසින් ත්‍රිකුණාමලයේ යන්ත්‍රාගාරයක් පිහිටුවන අතර  ඉන් නිස්සාරණ අනුපාතිකය 70% වූ තිරිගු පිටි නිෂ්පාදනය කෙරේ; මෙහිදී නිපදවෙන 30% වූ නිවුඩ්ඩ සමාගම වෙත ලබාදිය යුතුය.


විවිධ මත ගැටුම් හා සාකච්ඡා රැසකට පසු 1977 දී ප්‍රීමා සමාගම විසින් තම තට්ටු 8 ක් පමණ වූ විශාල තිරිගු පිටි කම්හලක් ත්‍රිකුණාමලයේදී ආරම්භ කරන ලදී. නැව් වලින් ගෙන එන තිරිඟු පළමු මාලයට යාන්ත්‍රිකව ඇදගනිමෙන් පසු  එක් එක් මහල් කරා ගමන් කරමින් නිවුඩු ඉවත් කිරීමත් ,පිටි නිපදවීමත් සිදු විය. අවසානයේදී බිම මහලේදී මෙම පිටි අසුරනයන්ට පුරවන ලදී, මෙතැන් පටන් මෙම තිරිඟු පිටි රජයේ ආහාර කොමිසමේ අයිතියට යටත් විය. තත්ත්ව පාලනය සඳහා මෙම යන්ත්‍රාගාරය මගින් නිපදවන සැම පිටි කාණ්ඩයකම නියැදි ගෙන විද්‍යාගාරයක තත්ත්ව පරික්ෂා කිරීම සිදු විය. එය ඉතා සුපිරිසිදුව පවත්වාගන්නා ලදී.එසේම,ඉතා විනයවත් හා කාර්යශුර සේවක මඩුල්ලක් මෙහි සේවය කරන ලදී, දින කීපයක් තිස්සේ මෙම ආයතනය පරික්ෂා කල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජිතයින්ද මෙම කරුණු සහතික කරන ලදී.


පසුව සිදුවූ සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස,මෙහි දැනට නිශ්පාදනය කරන තිරිඟු පිටිවල නිස්සාරණ අනුපාතිකය 74% දක්වා ඉහළ දමාගැනීමට හැකිවී ඇත. කෙසේ වුවද මෙම තිරිඟු පිටි වල පවතින්නේ ඉතාම අඩු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයකි.ඉහත කී අනුපාතිකයන් වෙනස් කරලිම සඳහා ඉතා වියදම් අධික වෙනස්කම් මෙම යන්ත්‍ර වල කිරීමට සිදුවේ.නමුත් ඊට වඩා බෙහෙවින් අඩු වියදමකින් තිරිඟු පිටි වලට විටමින් බී, යකඩ වැනි පෝෂක පිටින් එක් කර “සබලිකෘත” කිරීම කළ හැක.

දිවංගත සම්මාන මහාචාර්ය T.W වික්‍රමනායක  (MBBS,Phd,Dsc) මහතාගේ ලිපියක් ඇසුරෙනි.
අනුවාදනය -වෛද්‍ය වේදිෂ ගන්කන්ද


සංස්කාරක සටහන- ‍
පෘතුගීසින් ලංකාවට පැමිණි සමයේ ඔවුන් පාන් සමග වයින් ආහාරයට ගත බවට සාධක පවතී. නමුත් එය මහාපරිමාණ තිරිඟු පිටි ආනයනයක් නොවූ බව පැහැදිලිය.


For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න.