Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Friday, March 16, 2012

ඔබගේ එදිනෙදා ආහාර පුරුදු කොපමණ සෞඛ්‍යානුකූලද?





මෙම ප්‍රශ්න විසඳමුද? 

· පහත සදහන් ප්‍රකාශ සදහා ඔබගේ අවංක ප්‍රතිචාරය සලකුණු කරන්න.

  • මම දවසකට අවම වශයෙන් එලවලු සහ පලතුරු කොටස් 5ක් ආහාරයට ගනිමි. [එක කොටසක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ක් හෝ හොඳට පිසින ලද එලවලු හෝ පලා පුරවන ලද මේසහැඳි 3ක් විය යුතුයි.]
  • සාමාන්‍යයෙන් මම අමතර ආහාර වශයෙන් ගන්නා විට වැඩිපුරම ගන්නේ පියලි ඇට, පලතුරු හෝ එලවලු වැනි ආහාරයි.
  • මම සීනි අධික ආහාර සහ මේද අධික ආහාර අවම වශයෙන් දිනකට එකවතාවකට සීමාකර ඇත්තෙමි.
  • මම අසංතෘප්ත සහ සංතෘප්ත මේද අම්ල වල වෙනස අවබෝධ කරගෙන ඇති අතර ආහාර සකසන සෑම විටකදීම හදවතට හිතකර මේද භාවිතයට වග බලා ගනිමි. 
  • ආහාර ගැනීමේදී මම ලබාගන්නා ආහාර මධ්‍යස්ත ප්‍රමානයකින් ලබාගන්නා බවට මා තුල විශ්වාසයක් පවතී.
  • මම කිසි ලෙසකින් ප්‍රධාන ආහාර වේල් 3 මඟ නොහරිමි.[උදය ආහාරය, දිවා ආහාරය, රාත්‍රි ආහාරය]
  • මගේ දෛනික ආහාර වේල විවිධතාවයෙන් සහ විවිධ වර්ණවලින් යුක්තයි. (කොල, කහ පැහැති) 
  • මම සතියකට අවම වශයෙන් දෙවතාවක් වත් මාළු ආහාරයට ගනිමි.
  • මම වෙලඳපොලෙහි ඇති සකස් කල ආහාර කලාතුරකින් ආහාරයට ගනිමි.(Processed foods.) eg. ටින් කල ආහාර, පිස ශීතකරණයේ දැමූ ආහාර
  • මම දෛනික ආහාර වේලට කාණ්ඩ 5 ට අයත් සියලුම ආහාර ඇතුල් කර ගනිමි. (ධාන්‍ය,එලවලු, පලතුරු කිරි හෝ කිරි ආහාර, වියලි ඇට, මාළු/ මස්/ බිත්තර, හෝ සෝයා)

ඔබ කොතරම් සාර්ථකද?

1-3 ලකුණු - ඔබගේ ආහාර වේල මීට වඩා අනිවාර්යෙන්ම සෞඛ්‍යය සම්පන්න විය යුතුයි. ඔබ ආහාර පුරුදු ගැන මනා උපදෙස් ලබාගැනීමෙන් ඔබගේ මනා සෞඛ්‍යය තහවුරු කරගත හැක.

4-7 ලකුණු - පෝෂණය සම්බන්ධව ඔබ නිවැරදි මාර්ගයේ සිටී. ඉහත සදහන් සමහර කරුණු වෙනස් කර ගැනීමෙන් මීට වඩා හොද ආහාර රටාවකට ඔබට යා හැක. එවිට ඔබගේ සෞඛ්‍යය තත්වය හොද අතට පත්වනු ඇත.

8-10 ලකුණු - කිසිම සැකයකින් තොරව ඔබ සෞඛ්‍යයමත් ජීවන රටාවක් භුක්ති විඳී. ඔබ ආහාර ගැන නිවැරදි මාර්ගයට අවතීර්ණ වී ඇත.






Tuesday, March 13, 2012

BREAST MILK IS VERY IMPORTANT FOR YOUR CHILD'S WELLBEING

Breast milk is enough for the first 6 months for your baby.How long do you breastfeed your baby? 




Exclusive breastfeeding during first 6 months keeps your baby healthy..........