Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Tuesday, December 6, 2011

ඔස්ටියොපොරෝසිස් වලට බයද? එහෙනම් මේ කෑම වේල ඔබටයි! | Beat Osteoporosis through a Sri Lankan diet

ඔස්ටියොපොරෝසිස් රෝගය , විශේෂයෙන්ම ආර්තවහරනයට ලක් වූ කාන්තාවන් වැඩි වශයෙන් පෙළීමට ඉඩ ඇති රෝග තත්ත්වයක්. මෙම රෝගයේ අතුරු ඵල වන්නේ අස්ථි වල වේදනාව හා බිඳීම් ඇතිවීමයි. කෙසේ නමුත්, වෙළෙඳ දැන්වීම් වල පෙන්වන තරම් අධික පිරිසකට තරුණ අවදියේ සිටම ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් නම් නැහැ.එසේම මෙම රෝගය වලක්වා ගැනීමට මෙන්ම , රෝගය සෑදුනු අය ප්‍රතිකාර ගන්නා අතරතුරත් අවශ්‍ය අමතර කැල්සියම් හා විටමින් ඩී ලබා ගැනීමට මිල අධික පිටි වර්ග අත්‍යවශ්‍ය නැහැ. අපගේ එදිනෙදා ආහාර වේල සුළුවෙන් වෙනස් කිරීමෙන් එය පහසුවෙන්ම ඉටු කරගත හැකියි.ටික වේලාවක් උදෑසනින්ම අව්වේ ඇවිදීමෙන් ,නොමිලේම විටමින් ඩී අවශ්‍ය තරම් ලබා ගත හැකියි.

එසේ කරන ආකාරය ගැන අප විසින් පෙර ඉංග්‍රීසියෙන් පළ කල ලිපි 1 කොටස හා 2 කොටස මෙතැනින්.
රිවිර පුවත්පතේ පලවූ සිංහල ලිපිය මෙතැනින් .

විශාල කර ගැනීමට පින්තූරය මත ක්ලික් කරන්න

Sunday, December 4, 2011

3 ජී රේඩියෝ කුට්ටපිටිය ගමට | 3G radio program in "Kuttapitiya"

ළදරු පෝෂණය පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කරන, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ විකාශනය වන පරම්පරා තුනක් පදනම් කරගත් තේමාවක් ඔස්සේ වූ 3ජී රේඩියෝ සේවාව පිළිබඳ ඔබ දැනටමත් දන්නවා.(ඒ පිළිබඳ පෙර ළිපිය මෙතැනින් ) එහි අලුත්ම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයේ "කුට්ටපිටිය " නම් මනරම් ගමේදී , ගම්වැසියන් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සිදු වුනා. මෙම වැඩසටහන් ශ්‍රවණය කර ඔබට ඔබේ දැනුම ඉහල නංවා ගන්නා අතරේ , එම ගැමියන්ගේ දක්ෂතා අගය කිරීමටත් පුළුවන්; හේතුව මෙම වැඩසටහන් වල පිටපත් රචනයේ සිට සියළු කාර්යයන් ඔවුන්ගේම උත්සාහයක් බැවින්.

1 කොටස

2 කොටස

3 කොටස

Tuesday, November 29, 2011

දවසකට සීනි හැඳි කොච්චර ඕනද? | How much tea spoons full of Sugar do I need per day?

පින්තූරය උඩ ක්ලික් කර, එය විශාල කරගන්න.

රිවිර පුවත්පතේ මේ ගැන පළවූ ලිපිය මෙතැනින්.

Thursday, November 24, 2011

චයිනීස් රෙස්ටොරන්ට් සින්ඩ්‍රෝමය සහ MSG | Chinese restaurant syndrome & MSG

MSG යනු මොනො සෝඩියම් ග්ලුටැමේට් C5H8NNaOහඳුන්වන කෙටි නමයි.මෙය ජාත්‍යන්තර නාමකරණ සම්මුතීන්ට අනුව E 621/ HS code 29224220 යන සංකේතයෙනුත් හඳුන්වනු ලබනවා.

1909 වැනි කාල‍යකදී ජපානයේදී සොයාගත් මෙම රසකාරක සංයෝගය පැණි රස , ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස යන රසයයන් උද්දීපනය කිරීමට මෙන්ම(අජිනො-මොටො යන ජපන් නාමයේ අර්ථයද මෙයයි )  "උමාමි" නම් වෙනස්ම වූ රසයක්ද උපදවීමට සමත්. මෙම කරුණු නිසා ලොව පුරා බහුලව  ආහාර රස ගැන්වීම සඳහා මෙන්ම ආහාර වල ඇති රස උද්දීපනය කිරීම සඳහා MSG බහුලව යොදා ගන්නවා.

ශරීරයේ පවතින අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් මෙන්ම ස්නායු ආවේග සම්ප්‍රේශකයක් වන "ග්ලුටැමේට්" හි ලවණයක් වශයෙන් මෙම සංයෝගය හඳුන්වා දිය හැකියි. එම නිසා මෙම රසයයන් ඇති කිරීමේ ගුණය මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ වන බව පැහැදිළියි.

 වර්තමානයේදී, ක්ෂණික රසකාරක මිශ්‍රන, අජිනො-මොටෝ, ක්ෂණික නූඩ්ල්ස් , සුප් කැට, හැම්, සොසේජස් පමණක් නොව සෝස් වර්ග වල පවා මෙම MSG ඉතා අධිකව භාවිත වනවා. නගරබදව ඉතා ජනප්‍රිය වී ඇති කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස්, චීන කෑම ආදිය සැදීමේදී , MSG මේස හැඳි කීපයක්ම ඒවාට එක් කිරීමට වෙළෙඳුන් වග බලා ගන්නවා. මෙම රසයට පුරුදු වූ අයෙකු ඒවා නිතර අහාරයට ගැනීමට පෙළඹෙනවා.

MSG අඩංගු ආහාර ගැනීමේදී බොහෝ දෙනෙකුට විවිධ සංකූලතා ඇතිවෙන බව පසු කාලීනව සොයා ගත්තා. ඒවා අතර හිසරදය, හිරිවැටීම්, නිදිබර ගතිය, හා පපුවේ කැක්කුම ආදිය අතිවිය හැකියි.මෙම රෝග ලක්ෂණ සියල්ල එකතුව ගත් කල, "චයිනීස් රෙස්ටොරන් සින්ඩ්‍රෝම්"- Chinese restaurant syndrome ලෙස හඳුන්වනවා.


MSG ආහාරයට ගත් සමහර අයට ජීවිත අවධානම පවා ඇති කරන රෝග ලක්ෂණ පවා ඇතිවුණු බව සොයාගෙන තිබෙනවා.නමුත් තවම ලෝකය පුරා MSG ඉතා අහිතකර සංයෝගයක්ද යන්න ගැන පැහැදිළි පොදු එකඟතාවක් නැහැ. ආහාර නිෂ්පාදන ආයතන විසින් MSG එකතු කිරීම වළක්වාලන නීති කෙරේ අධික ප්‍රතිරෝධයක් දක්වනවා; හේතුව එමගින් ඔවුන්ගේ පාරිභෝගිකයින් අහිමි වීමේ අවදානමකට ඔවුන් ලක් වීම නිසයි.කෙසේ නමුත් ලොව පුරා පාරිභෝගිකයින් දැන් දැන් MSG රහිත ආහාර තෝරා ගැනීමට අභිරුචියක් දක්වනවා.


ලංකාවේ ,MSG  පිළිබඳ හෝ ඉහත කී "චයිනීස් රෙස්ටොරන්ට් සින්ඩ්‍රෝමය" ගැන පර්යේෂණ කෙරී නැහැ.ඔබටත් සමහර විට නොදැනුවත්වම ඉහත කී ආහාර ගත් පසු එම රෝග ලක්ෂණ මතුව තිබෙන්නට පුළුවන්. එම නිසා ඔබටත් එවන් අත්දැකීමක් තිබේ නම් එය කොමෙන්ටුවකින් හෝ  විද්‍යුත් තැපැල් මගින් අප සමඟ බෙදා ගන්න.

Wednesday, November 23, 2011

Chinese restaurant syndrome & MSG | චයිනීස් රෙස්ටොරන්ට් සින්ඩ්‍රෝමය සහ MSG




MSG(Mono Sodium Glutamate) is a very commonly used food additive in Sri Lanka, as well as around the whole world. Many food items including burgers, sauces, commercially produced soup peparations, soup cubes and instant noodles contain added MSG. Adding MSG (in the form of "Ajinomoto"- which means "making food tastier" in Japanese) and stock powder is becoming a routine practice among urban eating houses and hotels. Furthermore; adding MSG or MSG containing products has become essential in some households.

MSG is a derivative of gluatamic acid which is a neurotransmitter in the brain, so the taste is produced by alteration of neurotransmitters. The taste of MSG is called "Umami", a Japanese term

Some people are particularly sensitive to MSG and it produces symptoms like chest pain, flushing, headache, numbness, facial pressure, sweating, or excessive sleepiness, ect...This is called "Chinese restaurant syndrome" the commonest symptom Sri Lanakans experience is headache. Life threatening adverse effects have been reported such as palpitations, shortness of breath and feeling of swelling of throat. You may have experienced these symptoms; yet not have attributed them to the hidden MSG in your koththu roti, mix fried rice, curry cubes, burgers or sausages.

Please be kind enough to report your personal experiences related to MSG containing products here, through our mail (nutritionmri@gmail.com) or on our Facebook page (www.facebook.com/nutritionmri)

Wednesday, November 16, 2011

පෝෂණ තොරතුරු සැම අතට ! -ශ්‍රී ලංකා පෝෂණ තොරතුරු සංග්‍රහය | Sri Lanka Nutrition Bulletin



ශ්‍රී ලංකා පෝෂණ තොරතුරු සංග්‍රහය "Nutrition Bulletin of Sri Lanka" අප ඔබ වෙත ගෙන එන්නේ ඉමහත් සතුටින්.
ත්‍රෛමාසික ඉංග්‍රීසි ප්‍රකාශනයක් වන මෙහි අප විසින් සිදු කරනු ලබන පර්යේෂණ ආදිය ඔස්සේ ලබා ගන්නා පෝෂණ දත්ත එළි දැක්වීමට බලාපොරොත්තු වනවා.පර්යේෂණ ප්‍රතිපල වලට අමතරව වෛද්‍ය දැනුම,නව ප්‍රවනතා ,විශේෂ අවස්ථා ආදිය පිළිබඳ මෙමගින් ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොතු වනවා.

දේශීය හා විදේශීය වෛද්‍ය වෲත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විශ්ව විද්‍යාල වල පර්යේෂණ වල නිරතවන්නන් , පාසැල් හා උසස් අධ්‍යාපන සිසුන්,වෙළෙඳ ආයතන හා පෝෂණය හා සම්බන්ධ විවිධ පාර්ශව වලට, විශ්වාසදායක ලෙස නවතම පෝෂණ දර්ශකයන් හා දත්ත ලබා ගැනීමටපහසු මූලාශ්‍රයක් නැති වීමේ ගැටළුවට පිළිතුරක් සැපයීම මෙම ව්‍යායාමයේ අරමුණ වුනා.

මංගල කලාපය ,පහත මාතෘකා ඔස්සේ පෙළ ගැසෙනවා,

  • මන්දපෝෂණ දර්ශක
  • අඩු උපත් බර
  • කාන්තාවන්ගේ මන්ද්‍ර/ අධි පෝෂණ තත්ත්වයන්
  • නීරක්තිය
  • විටමින් A ඌනතාවය
  • අයඩින් ඌණතාවය
  • පාචනය
  • ගැබිනි මවුන්ගේ යකඩ හා ෆෝලික් අම්ල පෙති භාවිතය
  • මවු කිරි දීම
  • අතිරේක ආහාර දීම
  • විශම මන්ද පෝෂණ ව්‍යාප්තිය 
  • පර්යේෂණ වාර්තා ලුහුඬින්
  • වැදගත් අවස්ථා
  • පෝෂණ ක්ෂේත්‍රයේ දියුණුවට යෝජනා
ඔබට අවශ්‍ය පිටපත් ලබා ගැනීමට අපව අමතන්න.නැතහොත් මෙම සබැඳිය ඔස්සේ PDF පිටපත් බාගත හැකියි.

Tuesday, November 15, 2011

Nutrition Information For All !- Sri Lanka Nutrition Bulletin | පෝෂණ තොරතුරු සැම අතට !

 Nutrition Department , of Medical Research Institute, Colombo in collaboration with UNICEF, launched "The Nutrition Bulletin of Sri Lanka".


By this quarterly publication we will be providing information about principle nutrition indicators, facts, new knowledge and events to all. The target audience will be medical professionals, policy makers , undergraduate and post-graduate students and anyone who is interested on nutrition status of Sri Lanka. The prime goal of this publication will be to make the scientifically gathered up-to-date nutrition data available , whenever needed.

copies of this publication could be obtained by contacting us or you can download it by clicking here.

Director MRI (Dr. Anil Samaranayaka), Presenting the Inaugural edition to Country representative UNICEF (Mr. Reza Hossaini) ; Dr.Renuka Jayathissa (Head, Nutrition Dept, MRI) , Dr. Ananda Gunasekara (DDG-MS) also seen in the picture

Monday, October 31, 2011

නීරක්තිය සහ ලුණු "ද්විත්ව සබලීකරණය" | Aneamia and Salt "Double fortification"



නීරක්තිය, ශ්‍රී ලංකාවේ පෝෂණ ක්ෂේත්‍රයේ තවමත් විසඳුමක් නොමැති දැවෙන ප්‍රශ්නයක් ලෙස පවතිනවා.

සමස්ථයක් ලෙස ගත් විට නීරක්තිය ජනගහනයෙන් 20-40% දක්වා ප්‍රමාණයකට පවතිනවා. මෙම තත්වය වතු ආශ්‍රිත ජනයා අතරත් කුඩා දරුවන් අතරත් බහුලයි.තේ වගා කෙරෙන සමහර දිස්ත්‍රික්ක වල කුඩා ලමුන් අතර නීරක්තිය 40% වැනි ඉහල අගයයන් පවා වාර්තා වී තිබෙනවා.මෙයට එක් හේතුවක් ලෙස එම ප්‍රදේශ වල බහුලව පවතින පණු රෝග හේතු වන බව කිව හැකියි.
 නීරක්තිය නිසා හුස්ම ගැනීමට මෙන්ම, ඇඟ වෙහෙසා වැඩ කිරීමේ අපහසුතා ඇති වෙනවා.මෙනිසා රටක ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව අඩුවී ආර්ථිකය පරිහානියට පත්වීම සිදුවෙනවා. නීරක්තිය නිසා ගැබිනි මව්වරුන්ට අඩුබර දරුවන් ලැබීමෙන් පසු කාලීනව එම දරුවන් විවිධ බෝ නොවන රෝග වලට ලක් වෙනවා. වඩාත්ම අහිතකර ප්‍රතිඵලය වන්නේ වැඩෙන දරුවන් නීරක්තියට ලක්වීමෙන් ඔවුන්ගේ බුද්ධි මට්ටම හීන වීමයි ,මෙවිට දරුවාට ඉගෙනීමට ඇති තම සහජ දක්ෂතාව දැක්වීමට නොහැකි වීම සිදු වෙනවා.

සමහර රුධිරගත රෝග ආදිය හැරුණු කොට, ලංකාවේ නීරක්තියට හේතුව යකඩ ඌනතාවයයි. සියළුම ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරු, සමහර ප්‍රාථමික ශ්‍රේණිවල පාසැල් සිසුන් හා සියළුම නොමේරූ දරු උපත් වලට මෙන්ම යකඩ ඌනතාවය විනිශ්චය කළ සියල්ලන්ටම, යකඩ ප්‍රතිකාරයද, ඉහත සමහර කාණ්ඩ වලට ඊට අමතරව පණු ප්‍රතිකාරද, ත්‍රිපෝෂ ද සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනවා. ඉහත ක්‍රියාමාර්ග සියල්ලම තිබුනත් මෙතරම් ප්‍රතිශතයක් නීරක්තියෙන් පෙළෙන්න්නේ ඇයි? ද යන්න අප හමුවේ ඇති ගැටළුවක්.

නීරක්තිය මෙතරම් ම බහුල සෞඛ්‍ය ගැටළුවක් වන හෙයින් ද, එමගින් එක් එක් පුද්ගලයාට මෙන්ම රටේ ප්‍රගමනයට ද වන හානිය සලකා බලා ,සියල්ලන්ටම ප්‍රමාණවත් පරිදි දෛනික යකඩ ප්‍රමාණයක් ලබා දීමට පියවර ගත යුතු තත්වයක් උදා වී තිබෙනවා. මෙහිදී, එදිනෙදා ආහාරයට ගන්නා තිරිඟු පිටි හෝ ලුණු වැනි පාරිභෝගික භාණ්ඩයක් යකඩ වලින් සබලීකෘත(fortify) කිරීම ලෝකයේ බහුලව භාවිතා වන ක්‍රමයක් වනවා; ලාංකිකයන්ගේ තිරිඟු පිටි පරිභෝජනය අඩු කරලීමේ ක්‍රියාදාමයක අප නිරත වී සිටින බැවිනුත්, ලුණු අයඩින් වලින් සබලීකරණය කිරීමෙන් "අයඩින් ඌනතා ගලගණ්ඩය" තුරන් කිරීම වැනි අප ලබා ඇති සාර්ථක අත්දැකීම් ආදියත් සළකා,ලුණු යකඩ වලින් සබලීකෘත කිරීම ශ්‍රී ලංකාවට උචිත ක්‍රියාමාර්ගයක් ලෙස තෝරගන්නා ලදී.


මේ අනුව ලුණු දැනටමත් සිදු කෙරෙන පරිදි "අයඩින්" වලින්ද, අලුතෙන් "යකඩ" වලින්ද, "ද්විත්ව සබලීකරණයකට" ලක් වෙනවා. දැනට මෙසේ ලුණු වලට යකඩ එක් කල හැකි යන්ත්‍ර හම්බන්තොට ලුණු ලේවායේ පවතිනවා.

මෙම ලුණු "ද්විත්ව සබලීකරණය" හඳුවාදීමට පෙර, පූර්ව පර්යේෂණ කටයුතු  දැනට අප ආයතනය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශවල සිදු කෙරෙමින් පවතිනවා. එහි ප්‍රතිපල නුදුරේදී ම දැන ගැනීමට හැකියි.


ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
උපදෙස්- වෛද්‍ය රේණුකා ජයතිස්ස

පින්තූර-greenstone.org

Thursday, October 27, 2011

The Truth about Tea | තේ පානය


“Tea is the most common consumed drink in the world after water with a per capita worldwide consumption of around 0.12 litre per year”


Black, oolong, green and white tea are all an agricultural product from the leaves of Camellia sinesis. The differences in colour and taste are related to processing methods. Tea has been consumed over centuries around the world and has health benefits along with potential drawbacks, some of which are highlighted below. 

Potential Benefits
Tea contains one of the highest contents of flavanoids and catechins (a group of flavanoids), which are types of antioxidants. Many studies have shown positive health effects of drinking tea. An explanation to this includes the high levels of flavonoids that protect cells and tissues in the body from oxidative damage by scavenging oxygen-free radicals. Many human intervention studies with green tea and black tea have shown a significant increase in plasma antioxidant capacity in humans about 1 hour after consumption of tea.

Potential Drawbacks
However, tea contains a substance called oxalate, whereby an overconsumption leads to binding with free calcium in the body. Extreme overconsumption can eventually cause kidney stones. Tea also contains tannin, which is an astringent, bitter polyphenolic compound. High amounts of tannins decrease the efficiency in converting the absorbed nutrients into the body, such as iron; which can lead to anemia. There is also a small amount of caffeine (form of an addictive drug) in tea and an overuse can lead to side effects, such as sleep disorders.

In Sri Lanka, tea is consumed at least 3-4 cups a day, at home or from shops. The longer tea is brewed or the more tealeaves are re-used, the higher the build up of tannins. Drinking tea with a high content on tannins with meals can lead to iron deficiency.

Green Tea
Green tea has been consumed for over centuries and even used as Chinese medicine. It is a non-fermented tea, which contains more catechins compared to black tea. Its extract has shows to lower LDL cholesterol (risk factor for heat disease and diabetes), has an anti-hypertensive effect, body weight control and other physiological functions.
Recommendations:

§  Drink black/green tea 2 hours prior or post a main meal (i.e. breakfast, lunch, dinner), as to not decrease your iron stores.
§  Do not re-use your tealeaves more than once as it builds up tannins. Instead, you can use the used up tealeaves as compost for your plants as it is rich in nutrients.
§  Do not brew your tea for longer than 1 minute, as the longer you brew (i.e. the darker your tea), the more tannins build up.
§  Adding citrus, such as lime juice to your green tea can lower the pH in the small intestine, thus causing more catechins to be absorbed.
§  Do not rely solely on green tea/black tea in helping you to reduce weight or better your health status, instead combine the occasional cup of tea with regular exercise and a healthy diet.

References:
Graham HN. Green tea composition, consumption and polyphenol chemistry. Preventive medicine. 1992; 21(3): 334-350 
King-Thom C, Tit Yee W, Cheng-I W, Yao-Wne H, Yuan L. Tannins and human health: a review. Critical Reviews in Food Science and Nutrition.1998: 38(6) 421-464.


Information by Dr. Renuka Jayatissa

Friday, October 21, 2011

Manioc can be harmful! | මඤ්ඤොක්කා වැඩිපුර කන්නේ බලාගෙනයි!


Until recently, manioc (cassava) has been in the lime light as a food with anti-cancerous properties due to the availability of ‘vitamin B17’.

We inquired about this from the World Health Organisation (WHO) headquarters, Geneva. The WHO Joint Secretary to JECFA and JMPR replied that the Joint FAO/WHO expert committee on Food Additives (JECFA) had recently assessed the toxic nature of cyanogenic glycosides. They confirmed that ‘vitamin B17’ is not in fact a vitamin.

The following information on manioc is provided for three reasons:

1. Cyanogenic glycoside
Manioc contains a cyanogenic glycoside called linamarin, a compound related to amygdalin. ‘Vitamin B17’ falls under the compound called amygdalin, which occurs naturally in plants. However, amygdalin belongs to the group of compounds known as ‘cyanogenic glycosides’, which contains cyanide (toxic compound which can have a negative effect on the central nervous system) that can be released upon digestion in the human body, which can even be a source of intoxication.

2. High glycemic index (GI)
Studies have shown that manioc has a very high GI of around 94, compared with white bread (reference food). High GI food rapidly raises blood glucose, which leads to you being hungry faster. Comparatively, low GI food releases glucose more slowly and steadily, which is more favourable as you feel full for longer. 

3. Low protein
Manioc has a minimum amount of protein available, so consuming a meal with only manioc can lead to “protein-calorie malnutrition”. This is where inadequate amount of protein in the diet can lead to malnutrition. This form of malnutrition can eventually lead to kwashiorkor and marasmus in children.

However, it is ok to consume manioc as a curry as a part of your main meal on occasion.

Below is the letter sent by WHO for your information:

"The so-called 'vitamin B17' is in fact no vitamin, it is a compound called amygdalin that occurs naturally in certain plants. I understand that this has been promoted as cancer treatment, however this is totally non-scientific and there seems to be no evidence of effectiveness. To the contrary, amygdalin belongs to the group on compounds called 'cyanogenic glycosides' which contain cyanide that can be liberated when digested in the human body, and can even be a source of intoxication.
Cassava also contains a cyanogenic glycoside called linamarin, a compound related to amygdalin.
The Joint FAO/WHO Expert Committee on Food Additives (JECFA) has just recently evaluated the toxicity of cyanogenic glycosides, and the summary report is accessible on the web: http://www.who.int/foodsafety/chem/jecfa/summaries/Summary74.pdf . The full report and detailed monographs are in preparation and will be published by the end of this year."


For the Sinhalese version of this article Click Here | මෙම ලිපියේ සිංහල පරිවර්තනය සඳහා මෙතැනට යන්න.

Image courtesy of http://www.erroluys.com/Kindle/KindleIllustratedGuide.htm

Wednesday, October 19, 2011

"Trans fatty acid" the killer |"ට්‍රාන්ස් ෆැටි ඇසිඩ්" මරුවා ගැන දැනගන්න

As you know, fat and lipids are composed of two major types of fatty acids: saturated and unsaturated fatty acid. Trans fatty acids (TFA) is a part of the unsaturated fatty acid group.  TFA is a major health risk and has been known to cause heart attacks, increase LDL, decrease HDL cholesterol (see our article on PUFA) and has carcinogenic effects.

Generally, most food industries do not use saturated fatty acids (SAFA) in their products as it gets rancid faster. Instead, they use hydrogenated vegetable oil (unsaturated fatty acids). During this process of hydrogenation addition of hydrogen atoms to unsaturated fats occurs, which eliminates double bonds, thus making them into complete saturated fats. However, some fatty acids may still remain as partially saturated fatty acids. Partial hydrogenation converts cis-isomers into trans isomers; hence fatty acids (TFA). Products that have been deep fried and baked, such as potato chips and biscuits, are high in TFA. This is important because, the Sri Lankan population consumes high amounts of biscuits daily. 
Always check food labels to see the amount of TFA
Due to these reasons, most countries have legislation to label food products that contain TFA. In the present day, there is a higher demand for “trans-fat free” products in the market, as people are becoming more interested in healthy diets. 

Recently, Japanese researchers examined the TFA levels in the umbilical cords and placenta of newborn babies. It was found that Sri Lankan babies had higher levels of TFA levels than Japanese babies. This could be one of the reasons of high low birth weight (LBW) rates in Sri Lanka. LBW can predispose NCD’s (non communicable diseases) in later life. 

Majority of households tend to re-use deep-frying oil again and again, which is not recommended; as it can cause TFA in food. It is highly recommended to change the oil after each time. If your household does re-use oil, it is suggested to use coconut oilMany "popular" fast food outlets and restaurants re-use their deep frying oil by straining debris from their oil to make their products. This is an extremely poor practice, which makes the fast food you eat full of TFA.
Say NO to trans fat!
For the Sinhalese version of this article Click Here | මෙම ලිපියේ සිංහල පරිවර්තනය සඳහා මෙතැනට යන්න.

Images courtesy of www.cleveleader.com, pickyeaterblog.com

Tuesday, October 18, 2011

Osteoporosis | ඔස්ටියොපොරෝසිස්


World Osteoporosis day is due on 20th of October, this fact sheet is meant to commemorate this event,  


 Osteoporosis means loss of bone materials and weakening of its structure causing fractures. The disease is commonly seen in older women and men. In addition to fractures, osteoporosis leads to bending of spine resulting backache, gradual shortening of standing height and abnormal standing posture. Osteoporosis is no longer considered an inevitable part of aging; it is recognized, now, a disease affecting only some men and women.

In the entire world, there are 200 million women suffering from osteoporosis while Europe, Japan and USA, together, have 75 million women affected. In general, every third women over 60-70 years have osteoporosis and over 80 years, 2/3 women are likely to have the disease.

Fracture is the most dangerous complication of osteoporosis. While fractures could occur at any site, spine, hip and wrist fractures are the common sites affected in osteoporosis. Of these, hip fracture has major health concerns. Hip fracture is associated with high mortality (risk of death) and morbidity (risk of being not well) and nearly 50% of patients need help for their daily normal activities (like walking, going to washroom), one year after the fracture.

Worldwide, there were 1.6 million hip fractures in 1990 and this number is expected to reach 6.26 million in 2050. Most of these hip fractures are expected to occur in countries in Asia and South America. In Sri Lanka, there were 2700 hip fractures in 2006 and this figure is expected to reach 7000 in 2040.

Prevention of fractures includes two aspects.
(1) Promoting stronger bones in general
2) Treating people who are likely to develop a fracture

Sufficient protein intake during growing period is essential for children. An adequate intake of calcium and vitamin D should be ensured. There are numerous inexpensive sources of calcium in traditional Sri Lankan diet. While small fish add high calcium and vitamin D to the diet, green leaves are an inexpensive source of calcium available in the entire country right round the year.

In addition to nutrition, physical activities during childhood will ensure stronger bones. Exercise needs to be continued throughout the entire life to get the maximum benefits. While high impact physical activities such as jumping and skipping are the most beneficial activities for young, brisk walking, running and jogging can be recommended for middle age people. Elderly need to consult their doctor before engaging in new physical activity programs.

In conclusion, osteoporosis is no longer considered an inevitable effect of ageing. Proper nutrition and physical activities help to maintain optimum bone health regardless of age. There are proven drugs to treat patients who have a high chance for fracture.


Prepared by Osteoporosis, Sri Lanka for Osteoporosis Day 2011

Monday, October 17, 2011

"ට්‍රාන්ස් ෆැටි ඇසිඩ්" මරුවා ගැන දැනගන්න | "Trans fatty acid" the killer




ඔබ දන්නා පරිදි මේදය සැදී ඇත්තේ මේද අම්ල වලින්. මෙහිදී සංතෘප්ත හා අසංතෘප්ත ලෙස මේද අම්ල වර්ග දෙකක් තිබෙනවා. සංතෘප්ත මේද අම්ල, ප්‍රධාන ලෙසම මස් වැනි සත්වමය ආහාර වලිනුත්  හා අසංතෘප්ත මේද අම්ල, ශාඛමය ආහාර වලිනුත් ලැබෙනවා. ට්‍රාන්ස් ෆැට් යනු ,අසංතෘප්ත මේද අම්ල වර්ගයක් නමුත් එහි රසායනික බන්ධන වල සාමාන්‍ය මේද අම්ල වලට වඩා වෙනසක් තිබෙනවා.


මෙම ට්‍රාන්ස් මේද අම්ල හෘදයාබාධ ඇතිකිරීම, අහිතකර වර්ගයේ(LDL) කොලෙස්ටෙරොල් වැඩි කිරීම, පිළිකා ඇති කිරීම ආදී වූ තවත් රෝගාබාධ රැසකට හේතු වෙනවා.

වාණිජ නිෂ්පාදන වලදී බොහෝ විට සංතෘප්ත සත්ව තෙල් යොදා ගන්නේ නැහැ; හේතුව එම තෙල් නිසා අහාරයේ භෞතික ගුණ ඉක්මනින්ම අහිතකර ලෙස වෙනස් වී යාමයි.  ඒ වෙනුවට ශාඛ තෙල් කෘතිමව හයිඩ්‍රජනීකරණයට ලක් කර එම නිෂ්පාදන වලට යොදා ගන්නවා. මෙම හයිඩ්‍රජනීයකරණ ක්‍රියාවලියේදී අහිතකර ට්‍රාන්ස් මේදය සෑදිය හැකියි. එසේම ඉහල උෂ්ණත්ව වල සිදුකරන ආහාර සකස් කිරීමේ ක්‍රියාවලි වලදී ට්‍රාන්ස් මේදය ජනනය වනවා. ගැඹුරු තෙලේ බදින ලද potato chips, හා ඉහල උෂ්ණත්වයක පුළුස්සන ලද බිස්කට් වර්ග ඉහත කී ආකාරයට ට්‍රාන්ස් මේදය ඉහල ප්‍රමාණ වලින් අඩංගු වන නිෂ්පාදන දෙකක්.එමෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ විස්කෝතු පරිභෝජනය අතින් ඉදිරියෙන් සිටින රටකි.
මෙම කරුණු නිසා බොහෝ රටවලදී ,ලේබලයේ නිෂපාදකයන් විසින් තම නිෂ්පාදන වල ඇති ට්‍රාන්ස් මේද ප්‍රමාණය සඳහන් කිරීම අනිවාර්ය කොට තිබෙනවා; මෙනිසා "Trans-Fat free"යනුවෙන් සඳහන් නිෂ්පාදන වලට ඉහල ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.

මෑතකදී ජපන් පර්යේෂකයින් පිරිසක් ලාංකික දරු උපත් ආශ්‍රිතව කළ අධ්‍යයනයකින් හෙළි වූයේ ලාංකික දරුවන්ගේ වැදෑමහ තුල ජපන් දරුවන්ට වඩා ඉතා අධික ට්‍රාන්ස් මේද ප්‍රමාණයක් අඩංගු බවයි.මෙය ලාංකික දරුවන්ගේ උපත් බර අඩුවීමට හේතුවක් විය හැකියි.අඩු උපත් බර නිසා පසුකාලිනව බෝ නොවන රෝග වලට ලක්වන බව පිළිගත් මතයක් වනවා.

ගැඹුරු තෙලේ බැදීමට ගන්නා තෙල් නැවත නැවත භාවිත කිරීම නිසා එමතෙල් වල මෙම හානිකර ට්‍රාන්ස් මේදය සෑදෙනවා. එම නිසා ගෘහණියන් විසින් බැදීම සඳහා ගන්න තෙල් නිතර අලුතින් යෙදීමට හැකිතාක් පියවර ගතයුතුයි.නැවත බැදීමක් සිදු කිරීමට අත්‍යවශ්‍ය විටදී පොල් තෙල් භාවිතා කිරීම සුදුසුයි.

නමුත්,නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම සඳහා, සමහර ලෝකයේ මෙන්ම ලංකාවේද ප්‍රසිද්ධ කුකුළු මස් ආහාර හා බර්ගර් වර්ග අලෙවි කරන ආයතන වල එකම බැදීම සඳහා භාවිත කරන තෙල් දිනපතා තුනී පෙරනයකින් පෙරමින් සතියක් වැනි දීර්ඝ කාලයක් පවා භාවිත වන බව අසන්නට ලැබෙනවා.

ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද, 
උපදෙස් -වෛද්‍ය රේණුකා ජයතිස්ස

මූලාශ්‍ර
http://www.fundacionlilly.com/Nitro/objects/foundation/files/lines/simposio/16%C2%BASIMP_Arteriosclerosis_2010.pdf#page=18
http://www.nejm.org/doi/full/10.1056/NEJMc052959


For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

Wednesday, October 12, 2011

ඇමයිලේස් බහුල ආහාර වලින් දරුවන්ට වඩාත් ගුණාත්මක අතිරේක ආහාර.....| Amylase Rich Food (ARF) |

සාමාන්‍යයෙන් ළදරුවනට අතිරේක ආහාර ලබා දීම ආරම්භ කරන විට පළමුව බත් කැද දීමට පුරුදුව ඇත. මෙම කැද බොහෝවිට පිළියෙළ කරුණු ලබන්නේ බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් යොදාගෙනය. නමුත් මෙම ආහාරයේ ශක්ති ජනක අගය අඩු වන අතර දියරමය ස්වභාවය ද වැඩි වේ.එනිසා මෙය ළදරුවාගේ දිනක ශක්ති අවශ්‍යතාව සපුරලිඉමට අපොහොසත් වේ. මෙයට හොදම විසදුම වන්නේ ඇමයිලේස් බහුල ආහාරයක් මෙයට එකතු කිරීමයි.එමගින් ආහාරයේ මුළු පරිමාව අඩු වන අතර එහි ශක්ති ප්‍රමානය ද වැඩි වේ.එනිසා එය ළදරුවාට පහසුවෙන් ආහාරයට ගත හකිවේ. මෙම ඇමයිලේස් බහුල ආහාර ඔබට නිවසේදීම පිළියෙළ කර ගත හැකි වේ.ඒ සදහා පහත ක්‍රමය යොදාගත හැක.

1. මුං , කවුපි , උඳු යන ඕනෑම ධාන්‍ය වර්ගයක් තෝරා ගන්න.
2. එය මුල් අදින තුරු වතුරේ පොඟවා ගන්න;පැය 48 ක් පමණ තැබීම ප්‍රමාණවත් වේ.
3. පසුව එය හිරු එළියේ හෝ උදුනක අඩු උෂ්ණත්වයක් යටතේ වියලා ගන්න.

4.වියලුනු පසුව එය කුඩු කර ගන්න

5.එම කුඩු පියන හොදින් වැසිය හැකි බෝතලයක බහා තබන්න.

6. ළදරුවාට ආහාර පිළියෙළ කරන විට මෙම කුඩු තේ හැදි 1 ක් ඊට එකතු කරන්න
මෙය ඔබට නිවසේදී සාදා ගත හැකි සුළු මුදලක් වැයවන ආහාරයේ ගන ස්වභාවය වැඩි කර එහි ශක්ති ප්‍රමාණය ද වැඩි කරන පෝෂණ අතිරේකයකි. ඔබත් ළදරුවකු සිටින මවක නම් මෙය අත්හදා බලන්න.


For the English version of this article Click Here๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න

Thursday, October 6, 2011

Amylase Rich Food (ARF) | බබාට දෙන කෑම වල ගුණය වැඩි කර ගන්න, ගෙදරදීම "ඇමයිලේස්" එකතු කර ගනිමු.

Preparation of ARF in the MRI laboratory

During complementary feeding (after 6 months of age), traditionally; the first food introduced to a child is porridge. This is usually prepared from a cereal or cereal flour such as mung, cowpea or ulundu. These porridges tend to have a high viscosity and a low energy content, which may not meet the daily energy requirements of the child.

The addition of ARF lowers the dietary bulk and increases the energy content, thus making the porridge easier to consume as well as increasing the calorie content per unit volume of food consumed.

Amylase is an enzyme that catalyses the breakdown of starch (carbohydrate) into sugars. 

ARF can be easily produced at inexpensively at home, the preparation method can be seen below:

1. Select whole, unbroken grains (i.e. mung, cowpea, ulundu)

2. Soak the grain in water until sprouting takes place (around 48 hours)

3. Dry in the sun / roast lightly on low flame

4. Powder by hand pounding or in an electric grinder

5. Store in a wide mouthed screw cap bottle

6. Add one teaspoon powder to the cereal during the preparation of feeding

Teaching mothers to prepare inexpensive AFR at the household level; Dr.C.L Piyasena Explaning
Homemade ARF is both easy and inexpensive to help prepare a low-bulk, high energy dense meal for your child.



Source: Gopaldas T, Deshpande S, Chinnamma J. Studies on a wheat-based amylase-rich food. The United Nations University.


For the Sinhalese version of this article Click Here | මෙම ලිපියේ සිංහල පරිවර්තනය සඳහා මෙතැනට යන්න. 

Wednesday, October 5, 2011

3G රේඩියෝ අහමු | Listen to 3G Radio Service

මොකද්ද මේ 3G රේඩියෝව?

මේක අලුත්ම උත්සාහයක්. මෙහිදී අප උත්සාහ කරන්නේ ජනයා අතරටම ගොස් ඔවුන්ගේ පෝෂණ දැනුම උසස් කිරීමටයි.මෙවැනි ක්‍රියාමාර්ග "ප්‍රජාව සවිබල ගැන්වීම/Community Empowerment" ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ට ආහාර දීමේ පුරුදු නිවැරදි කිරීම මගින් පෝෂණ හා සෞඛ්‍ය තත්වය උසස් කිරීම අප මෙහිදී බලාපොරොත්තු වෙනවා.


වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි,

මුලින්ම අප විසින් යම් ග්‍රාමයක් තෝරා ගෙන ඔවුන්ට නිවැරදි ආහාර පුරුදු ගැන පුහුණුවක් දෙනු ලබනවා.ඒ සඳහා පෙර පිහිටුවා ඇති මාධ්‍ය සමාජ උපකාරී වනවා.

ඉන්පසුව ඔවුන් එම දැනුම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.එම පිටපත් අධ්‍යක්ෂණය ආදී සියල්ලම කරන්නේ ගමෙන්ම සොයාගත් දක්ෂයින් අතින්.මෙමගින් ඔවුන්ගේ කලා කුසලතාවයන්ට වේදිකාවක් විවර වෙනවා. කවි ,සින්දු මෙන්ම රසවත් දෙබස් ඇතුලත්ව කරන මෙම වැඩසටහන සකස් වී ඇත්තේ ආච්චි, දුව හා මිනිපිරිය යන පරම්පරා තුන නියෝජනය වන ආකාරයටයි; එමනිසා 3 Generations යන අර්ථයෙන් මෙයට "3G Radio" කියා නම තබා තිබෙනවා.

ගමේ පොදු ස්ථානයකදී මෙම වැඩසටහන් සජීවීව සිදුකරන අතර සමහර වැවසටහන් පටිගත කර පසුව විකාශය කරනවා; ඒ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ සවස 4 සිට 5 දක්වා කාලය තුලයි.

මාසයකට පැයේ වැඩසටහන් 5ක් පමණ විකාශය වන අතර එම වෙලාවන් කලින් ගුවන්විදුලියෙන් දැනුම් දෙනවා, මෙම වැඩසටහන් ශ්‍රවණය කිරීමට එම ගම්වල පුල පුලා බලා සිටිනවා, ඒ ඔවුන්ගේ නිර්මාණ රටටම ඇසෙන්න විකාශය වන අයුරු ශ්‍රවණය කිරීමටයි.

අප විසින් සෑම පටිගත කිරීමක් අතරතුරම ,පෙර සතියක පටිගත කල වැඩසටහනක් ගුවන් විදුලිය ඔස්සේ එම ජනතාවට ඇසීමට සලස්වනවා. එමෙන්ම සෑම වැඩසටහනකටම පෙර හා පසු ගැමියන්ගේ දැනුම් මට්ටම මැන බැලීමක්ද සිදු කරනවා.

මෙම සංකල්පය අන්තර්ජාතික තරඟයකට ඉදිරිපත් කර ජයග්‍රහණය කළ වැඩපිළිවෙලක්, දැනට මෙය ඈත පිටිසර ගම් නියම්ගම් රැසක ඉතා ඉහල ජන ප්‍රසාදයක් සහිතව දියත් කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙය  ක්‍රියාත්මක කරන්නේ "3G රේඩියෝ ටීම්" මගින්.

මෙම වැඩසටහන් නුදුරේදීම වැඩසටහන් මාලාවක් ලෙස බ්ලොග් අවකාශයට දායාද කිරීමට අප බලාපොරොත්තු වෙනවා, එමගින් මෙම වැඩසටහන් ගුවන් විදුලි විකාශන කාලය තුල අසා ගැනීමට නොහැකි අයට අසාගැනීමට මෙන්ම අනාගතයෙදීද අසා ගැනීමට සංචය කර තබාගැනීමට හැකිවනු ඇති.ගුවන් විදුලිය ඔස්සේ මේවා සජීවීව ශ්‍රවණය කිරීමට කැමති ඔබ හට , එම ගුවන් කාලයන් හා සංඛ්‍යාත අපි පසුව දැනුම් දෙන්නම්.

පහත දැක්වෙන්නේ පසුගියදා දකුණු පළාතේ බෙංගමුව නම් ග්‍රාමයේදී සිදු කළ වැඩසටහනක්. එම වැඩසටහන කෙරුණු ආකාරය වීඩියෝවේ දැක්වෙන පින්තූර මගින් පෙන්වා තිබෙනවා.





මෙම වැඩසටහනේ පිටපත මෙතැනින් බලා ගන්න

මෙම නැවුම් ව්‍යායාමය ඔබටත් නැවුම් අත්දැකීමක් වනු නියතයි!



ලිව්වේ- වෛද්‍ය වේදිෂ ගන්කන්ද, 
විශේෂ ස්තුතිය - 3G රේඩියෝ කණ්ඩායමේ සමන් කුමාර ප්‍රියදර්ශණ මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගම්වාසීන්ට.

Tuesday, October 4, 2011

Iodine deficiency disorder (IDD) status in Sri Lanka | ලංකාවේ අයඩින් ඌනතාවයේ නවතම තත්වය ගැන දැනගන්න...


From 1940’s onwards goiter had been identified as a common problem in Sri Lanka. There was a goiter belt across Western, Sabaragamuva, Central, Southern and Uva provinces. During this period Goiter prevalence was 40% and different actions had been taken to reduce the goiter occurrence. In spite of these actions, in 1986 goiter prevalence was at a higher level of 18%.In response to these findings and keeping in line with the goals set by the World Summit for Children in 1990, the Sri Lankan government initiated and implemented the Universal Salt Iodization programme in 1995. According to the Food Act, a minimum of 50ppm of iodine at factory level and 25ppm at the household level was essential.
After that in year 2000, 2005 and 2010, regular assessment of IDD status and quality of iodized salt were done by   Department of Nutrition, Medical Research Institute. According to the WHO/ICCIDD the Criteria for monitoring progress towards sustainable elimination of IDD, Sri Lanka had achieved all the criteria by 2005.
Assessment done in 2010 included measurement of urinary iodine levels in school children and pregnant women as well as water iodine levels and iodine levels in household salt.  
According to this assessment, overall goiter prevalence was 4.4% and it was higher among females than males in almost all provinces except in Central Province. The highest prevalence was seen in Northwestern, Central and southern provinces while lowest in Northern province.


 
Goiter prevalence in provinces             
Urinary iodine level is an indicator of amount of iodine taken in to the body. In a normal person this value would be 100-200µg/L and during pregnancy it is about 250µg/L. More than 300µg/L is considered as toxic levels. In 2010, among school children 37.7% had urinary iodine levels between 100µg/L - 200µg/L. The median urinary iodine level in pregnant women was 133µg/L.
 








Water iodine levels in 2010 in the different provinces are shown below.



Households with recommended salt iodine level should be more than 90%. In Sri Lanka it was 91% in 2005 but there was a decline in 2010 to 68.2%. None of the provinces have achieved the recommended household salt iodine levels.
 In summary by 2010 Sri Lanka has fulfilled three criteria out of four in the WHO/ICCID criteria for monitoring progress for sustainable elimination of IDD as shown below. Sri Lanka is yet to achieve the usage of adequately iodized salt at household level.

For the Sinhalese version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ස๢๜හල ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න.