Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Monday, October 3, 2011

මුරුංගා වල ගුණ දන්නවාද ?| Do You Know the Health Benefits of Drumstick Leaves?


Moringa oleifera

මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද  මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.


මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය.  නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C  පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම්  සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු  කැල්සියම්  සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම්  සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.


පෝෂ
මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය
අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය
මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ  දිනක අවශ්‍යතාවයෙන් %  ලෙස
β කැරොටින්
192µg
2400
120%
විටමින් C
6.6 mg
30
330%
යකඩ
0.26mg
9
8.7%
කැල්සියම්
22.4 mg
500
13.4%
පොස්පොරස්
6.3 mg
800
2.4%
මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින්  සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½  බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන්  සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.

මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.






Written by - Dr. Malsha Gunathilake
Information by - Dr. Renuka Jayatissa



For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

7 comments:

  1. මේ වෙබ් අඩවිය අත්‍යාවශ්‍ය වූ කරුණු සම්භාරයක් රැගත් තැනක්. පුංචි අඩුපාඩුවක් පෙන්වා දුන්නොත් තරහා වෙන්නෙ නැහැයි කියා හිතනවා.

    යම් එළවළුවක්, පළතුරක් ගැන ලියද්දී, උදාහරණයක් හැටියට මුරුංගා ගැන ලියද්දී එහි Moringa oleifera යන විද්‍යාත්මක ජාතිය ලියුවොත් කියවන්නාට ඒ ගැන තව විස්තර හොයා ගන්න පහසුයි.

    එතකොට කියවන අයට තවත් මුරුංගා ගැන විස්තර ප්‍රතිචාර වලින් එකතු කර සහභාගී වෙන්නත් පුලුවන්. මෙන්න මේ වගේ: මුරුංගා ඇට වලින් oli of Ben නම් සුවඳක් නැති තෙල් වර්ගයක් ලැබෙනවා. වත්සුණු, සුවඳ විලවුන් හා ඔරලෝසු හදන අයත් පාවිච්චි කරන තෙල් වර්ගයක්. පුරාතන ඊජිප්තුවේ සිට පාවිච්චියට ගත්තක් බව හොයා ගන්න පුලුවන්.

    ජය!

    ReplyDelete
  2. ටොප් ලිපියකි! :)

    ReplyDelete
  3. හිතවත් අරුණි, ඔබ වැනි බ්ලොග් අවකාශයට දැනුම එක් කරන පුරෝගාමියෙකුගේ අදහස් අප ඉහලින්ම අගය කරනවා. ඉහත ඔබ පැවසූ පරිදි මුරුංගා වල විද්‍යාත්මක නාමය search කිරීමේ පහසුව පිණිස key words වලට එක් කළා.
    බෙදා දුන් දැනුමට නැවත වරක් තුති.

    "තනි අලියා"ටත් ස්තුතියි

    ReplyDelete
  4. වටින කියන ලිපියක්... මං ආසම කෑමක් ගැන නෙව ලියලා තියෙන්නේ...

    ReplyDelete
  5. මාරයා, ඔබ මෙන්ම බොහෝ දෙනෙක් කැමති, සුලබ හා ලාභදායී එලවළු වර්ගයක් නිසා,මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට පහසුවෙන්ම යොදා ගත හැහියි. වියදම් අධික,විටමින් එක් කළ පිටි වර්ග හා සිරප් වලට මෙය කදිම විසඳුමක්.

    ReplyDelete
  6. මංනං වැඩියෙන්ම කැමති පරිප්පු තෙම්පරාදු කරද්දී ඒකට එකතු කරන්නයි..බිත්තර ඔම්ලට් වලට දාන්නයි වගේම ඉස්සෝ තෙල් දාන කොට ඒකට එකතු කරන්නයි..දැන් උනත් කොහේදී හරි ගහක් දැකපු ගමන් ඉත්තක් අරගෙන එනවා.. ඇත්තටම රසය ගැන හිතලා කෑවට..නියම විදියට ගුණය දැන ගත්තේ මේ ලිපියෙන්...

    ReplyDelete
  7. "Murunga" or Ladies fingers, though very familiar & regular in consumption by the public; the food values are not much known in the community. Despite the bad news that certain contamination by Melamine & radiation, there is media, full of promotions for Calcium & osteoporosis. The scientific knowledge about the true food values of "Murunga" should take a strong tour into the public mind. Hats off; your effort towards that goal is commendable and yet to be reckon with by the consumers more than the authorities. We certainly hail your noble effort & wish to send our greetings. The candle you have lit will emit more light to shed the darkness of ignorance among our people. warm regards, Sunil Thrimawithana.

    ReplyDelete

ඔබේ අදහස් මෙහි සටහන් කරන්න....
Feel free to comment..