Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Sunday, January 13, 2013

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු | Healthy Menus for Buddhist Monks


පසුගිය සෞඛ්‍ය සතිය තුළ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ මග පෙන්වීමෙන් බෞද්ධ භික්ෂූන් සඳහා විෂේශිත දාන ආහාර වට්ටෝරු එළිදැක්වූවා.පහත දැක්වෙන එම වට්ටෝරු  ඔබට ත් ප්‍රයෝජනවත් වෙනු නොඅනුමානයි. 
 
බෞද්ධ භික්ෂූන් වහන්සේලා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම අවශ්‍යය. දිනපතා පහත ආහාර කාණ්ඩ තුනටම අයත් ආහාර ලබා දිය යුතු අතර, එම එක් එක් ආහාර කාණ්ඩයට අයත් විවිධ ආහාර ලබා දීම තුලින් දිනකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකිය.
එම ආහාර කාණ්ඩ තුන වනුයේ,
1.      ශක්තිජනක ආහාර
a.       ධාන්‍ය සපිටි ආහාර - බත්, ඉඳි ආප්ප,  පාන්, අල වර්ග, ආදිය මෙයට අයත් වේ.
b.      රනිල බෝග (ඇට වර්ග) - තම්බපු කව්පි, මුං ඇට, කඩල ආදිය මෙයට අයත් වේ.
c.       තෙල් ආහාර - තෙල් දමා බඳින ලද ආහාර, තෙල් අධික මස්, සම්පූර්ණ යොදය සහිත කිරි, මිටි කිරි වලින් පිළියෙළ කල ආහාර වර්ග මෙයට අයත් වේ.
d.      සීනි ආහාර - සීනි, හකුරු, රස කැවිලි, සීනි දමා පිළියෙළ කල ආහාර වර්ග මෙයට අයත් වේ.
මෙම ආහාර පිලිගැන්වීමේදී තෙල් ස සීනි ආහාර අවම කලයුතු වේ.
2.      ශරීර වර්ධක ආහාර
a.       කිරි ආහාර - කිරි, පිටි කිරි, මුදවපු කිරි, යෝගට්, චීස් ආදිය මෙයට අයත් වේ.
b.      සත්වමය ආහාර - මාළු, මස්, බිත්තර, කරවල ආදිය මෙයට අයත් වේ.
c.       රනිල බෝග - පිසීන ලද පරිප්පු, කව්පි, මුං ඇට, කඩල ආදිය මෙයට අයත් වේ.
3.      රක්ක ආහාර
a.       පලතුරු - පලතුරු
b.      එළවළු  - එළවළු සහ පලා කොළ

දානය පිළිගැන්වීමේදී හා ආහාර තෝරා ගැනීමේදී  පහත කරුණු සලකා බැලීමෙන් භික්ෂූන් වහන්සේලා හට සෞඛ්‍යය ප්‍රශ්න ඇති වීම  අවම කර ගත හැකිය.
·         ආහාර පිළියෙළ කිරීමේදී සමස්ත තෙල් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා පියවර ගත යුතුය. පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වීම වැඳගත්ය.
o   ආහාර වේලට එක් තෙම්පරාදු කල ආහාරයක් පමණක් එක් කර ගැනීම.
o   ආහාර පිළියෙළ කිරීමේදී  එකම කෑම වර්ගයට පොල් කිරි  හා තෙල් යන දෙර්ගයම එකතු කිරීමෙන් වැලකීම.
o   තෙල් අධික ආහාර අවම කිරීම ( බඳින ලද ආහාර, තෙල් අධික මස් වර්ග, මිටි කිරි අධික)
o   කේක්, බිස්කට්, මාගරින් යොදා බඳින ලද ආහාර - ශරීරයේ අහිතකර කොලෙස්ටෙරෝල් වැඩි කිරීමට හේතුවන බැවින්, එම ආහාර පිළිගැන්වීම අවම කිරීමට උත්සාහ කිරීම.
·         බත් පිලිගැන්වීමේදී  භික්ෂූන් වහන්සේලාට ශරීරයේ බර පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය. බර වැඩි භික්ෂූන් වහන්සේලා ශක්තිජනක ආහාර අවම කලයුතු වේ.
·         බත් පිළියෙළ කිරීමට රතු හෝ සුදු තම්බපු සහල්, රතු හෝ සුදු කැකුළු සහල් හා බාස්මති වැනි දිග ඇට සහල් පාවිච්චි කිරීම සෞඛ්‍ය සම්පන්න වේ. කුඩා ඇට සහල් (කීරි සම්බා වැනි) භාවිතය අවම කලයුතු වේ.
·         අවම වශයෙන් රක්ක ආහාර කාණ්ඩයෙන් එළවළු වර්ග 3 ක් හා පලතුරු වර්ග 2 ක් පිලිගැන්වීමෙන් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි පමණ ලබා ගැනීමටත්, බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමටත් හැකිවේ. ලබා දි ඇති ආහාර වට්ටෝරුවල මෙම ආහාර අවම වශයෙන් ලබා දි ඇත. අවශ්‍ය එළවළු හා පලතුරු වර්ග ආදේශ කරගත හැක.
·         ශරීර වර්ධක ආහාර පිලිගැන්වීමේදී සත්වමය ආහාර ආහාරයට නොගන්නා භික්ෂූන් වහන්සේලාට රනිල බෝග හා කිරි ආහාර නිසි පමණ පිලිගැන් විය යුතුය. ලබා දි ඇති ආහාර වට්ටෝරුවල සත්වමය ආහාර වෙනුවට මස්, බිත්තර වර්ග භික්ෂූන් වහන්සේලාගේ කැමැත්ත පරිදි ආදේශ කරගත හැක.
·         හැකි පමණ සීනි අධික ආහාර සහ පැණි රස කෑම අඩු කලයුතුවේ. රස කැවිලි පිළියෙළ කිරීමේදී සීනි අවම ප්‍රමාණයක් අඩංගු වන පරිදි පිළියෙළ කලයුතු වේ.
·         දිනකට අවම වශයෙන් වතුර වීදුරු 6 - 8 ප්‍රමාණයක් පිලිගැන් විය යුතුය.
·         දියවැඩියා රෝගය වැලදුන භික්ෂූන් වහන්සේලාට තැබිලි වතුර ආහාර සමග පිලිගැන් විම සුදුසු නැත. පස්වරැ කාලයේදි පානයක් ලෙස පිලිගැන් විම සුදුසුය.



ආහාර කාණ්ඩය
වට්ටෝරුව 1
වට්ටෝරුව  2
වට්ටෝරුව 3


තේ / කෝපි
කොළ කැඳ කුඩා හකුරු කැබැල්ලක් සමඟ
තේ / කෝපි


උදෑසන ආහාරය

ධාන්‍ය වර්ග  
ඉඳි ආප්ප
මයියොක්කා
තම්බපු දෙල්

එළවළු  වර්ග
කැබෙල්ල දළු මාළුව/ බිලිං මාළුව / තිබ්බොටු මාළුව /කෙසේල්මුව තෙල් දමා/පොලොස් මාළුව          පොල් සම්බෝලකිරි හොඳි
පොල් සම්බෝල / ලුණු මිරිස්

පොල්

පලතුරු වර්ග

ගස්ලබු
ගස්ලබු
කෙසෙල්

මාළු වර්ග /රනිල බෝග
පරිප්පු මාළුව / මාළු / මාළු ඇඹුල්තියල් සහ ලුණු මිරිස්
කරවල තෙල් දමා / කරවල මාළුව
හාල්මැස්සන් තෙල් දමා


දිවා ආහාරය

ධාන්‍ය වර්ග  

බත්

බත්

බත්


එළවළු  වර්ග
පොලොස් මාළුව / රට දෙල් මාළුව
බෝංචි
සුදු ළූණු මාළුව
වම්බටු තෙල් දමා

සාරණ (පරිප්පු හෝ කොස් ඇට සමඟ)
කැරට්
මෑ කරල්

කොහිල අල
කතුරු මුරුංගා මැල්ලුම
අල තෙල් දමා

පලතුරු වර්ග
ගස්ලබු
කෙසෙල්
අඹ

මාළු වර්ග /රනිල බෝග
කරවල මාළුව හෝ පරිප්පු
හාල්මැස්සන් තෙල් දමා හෝ පරිප්පු
මාළු කිරට හෝ පරිප්පු


සවස් වරුව

වෙනත් කෑම
තේ / කෝපි
(සීනි තේ හැඳි 1 ක් සමඟ)
සව්
එළවලු සුප්

සීනි සහිත
රස කල පලතුරු යුෂ
ස්වභාවික පලතුරු යුෂ
බාර්ලි වතුර

කිරි ආහාර

මෝල්ට් සහිත කිරි(සීනි රහිත)
කොළ තේ
කුරුඳු තේ

ධාන්‍ය
සව්
බාර්ලි
තේ / කෝපි
(සීනි තේ හැඳි 1 ක් සමඟ)

කිරි
මේදය අඩු කිරි/ යෝගට් පානය /
තේ / කෝපි
(සීනි තේ හැඳි 1 ක් සමඟ)



ආහාර කාණ්ඩය
වට්ටෝරුව 4
වට්ටෝරුව  5
වට්ටෝරුව 6


කොළ කැඳ
කොළ කැඳ කුඩා හකුරු කැබැල්ලක් සමඟ
තේ / කෝපි


උදෑසන ආහාරය

ධාන්‍ය වර්ග
කඩල
පාන්,
බතල

එළවළු  වර්ග
මිරිස් තෙම්පරාදු කල, පොල්
සීනි සම්බෝල / පොලොස් මාළුව / තක්කාලි මාළුව / අල මාළුව / පොල් සම්බෝලකිරි හොඳි
පොල්, ලුණු මිරිස්

පලතුරු වර්ග

ගස්ලබු
ගස්ලබු
කොමඩු

මාළු වර්ග /රනිල බෝග

පරිප්පු මාළුව / මාළු / මාළු ඇඹුල්තියල්
හාල්මැස්සන් තෙල් දමා


දිවා ආහාරය

ධාන්‍ය වර්ග
බත්
බත්

බත්


එළවළු  වර්ග
කරවිල
නෙලුම් අල තෙල් දමා
බෝංචි
මුකුණුවැන්න මැල්ලුම
අල මාළුව
කංකුන් තෙල් දමා
අඹ  හෝ ඇඹරැල්ලා මාළුව හෝ කජු
දෙල්
ගොටු කොළ සම්බෝල
බෝංචි
මුරුංගා මාළුව හොඳි සමඟ

පලතුරු වර්ග

කොමඩු
අන්නාසි
රඹුටන් / මැන්ගුස්‌ / කෙසෙල්

මාළු වර්ග /රනිල බෝග
මාළු මිරිසට / පරිප්පු
මාළු ඇඹුල්තියල් දමා / පරිප්පු
මාළු මිරිසට/ පරිප්පු / කරවල


සවස් වරුව

වෙනත් කෑම
තේ / කෝපි
(සීනි තේ හැඳි 1 ක් සමඟ)
කිතුල් පිටි කැඳ
යෝගට් පානය

සීනි සහිත
මෝල්ට් සහිත කිරි(සීනි රහිත)
රණවරා තේ (හකුරු කැබැල්ලක් සමඟ)
කෝපි

කිරි ආහාර

මේදය අඩු කිරි/ යෝගට් පානය /
මේද රහිත කිරි/ කිරි
මෝල්ට් සහිත කිරි

ධාන්‍ය
සව්
බාර්ලි
බෙලිමල් වතුර (හකුරු කැබැල්ලක් සමඟ)


ආහාර කාණ්ඩය
වට්ටෝරුව 7
වට්ටෝරුව  8
වට්ටෝරුව 9


කොළ කැඳ කුඩා හකුරු කැබැල්ලක් සමඟ
තේ / කෝපි
තේ / කෝපි


උදෑසන ආහාරය

ධාන්‍ය වර්ග
ආප්ප
කැකුළු බත්
රොටී

එළවළු  වර්ග
ලුණු මිරිස්
කිරි හොඳි / ලුණු මිරිස්
ලුණු මිරිස්

පලතුරු වර්ග

කෙසෙල් ගෙඩියක්
ගස්ලබු
ගස්ලබු

මාළු වර්ග /රනිල බෝග
මාළු
පරිප්පු මාළුව / මාළු / සීනි සම්බෝල
මාළු


දිවා ආහාරය

ධාන්‍ය වර්ග

බත්

බත්

බත්


එළවළු  වර්ග
මල්ගෝවා
ගෝවා තෙල් දමා
වැටකොළු
පොළොස් මාළුව  මියන දළු / කූරතම්පලා/කිරි හැන්ඳ
පතෝල
අල තෙල් දමා
වට්ටක්කා
කංකුන් තෙල් දමා
මෑ කරල්/බෝංචි
හතු මාළුව
කරවිල සම්බෝල

පලතුරු වර්ග

මුදවපු කිරි/යෝගට්
පේර
අයිස් ක්‍රීම්

මාළු වර්ග /රනිල බෝග
කඩල පරිප්පු මිරිසට / මාළු කිරට
මාළු මිරිසට / පරිප්පු

මාළු මිරිසට / පරිප්පු



සවස් වරුව


තේ / කෝපි
(සීනි තේ හැඳි 1 ක් සමඟ)
එළවලු සුප්
මේදය අඩු කිරි/ යෝගට් පානය /


රස කල පලතුරු යුෂ
බාර්ලි වතුර
සව්


මෝල්ට් සහිත කිරි  (සීනි රහිත)
කුරුඳු තේ
ස්වභාවික පලතුරු යුෂ


සව්
බාර්ලි
කොළ තේ






විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස 

 ලිව්වේ වෛද්‍ය වේදිෂ ගන්කන්ද

ලිපියේ PDF පිටපත බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න..



4 comments:

  1. Hellο my family membeг! I wish to say that this post is awesome, grеat ωrittеn and іncludе apрroximatеlу all signіficant infos.
    I ωоuld likе tο look more postѕ lіke this .


    Also visit my weblog childhood obesity definition

    ReplyDelete
  2. plz....give me diet plan and diet list time table ........
    sinhala food list.(srilankan)

    ReplyDelete
    Replies
    1. https://docs.google.com/file/d/0BwKU3zh6AOV0RUR5bW9XdU1kUHc/edit?usp=sharing follow the above link

      Delete
  3. I would really like to copy few of these articles for personal usage.. Can I?

    Thank you....
    Keep it up!

    ReplyDelete

ඔබේ අදහස් මෙහි සටහන් කරන්න....
Feel free to comment..