මෙම ප්‍රශ්න විසඳමුද?
· පහත සදහන් ප්‍රකාශ සදහා ඔබගේ අවංක ප්‍රතිචාරය සලකුණු කරන්න.
- මම දවසකට අවම වශයෙන් එලවලු සහ පලතුරු කොටස් 5ක් ආහාරයට ගනිමි. [එක කොටසක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ක් හෝ හොඳට පිසින ලද එලවලු හෝ පලා පුරවන ලද මේසහැඳි 3ක් විය යුතුයි.]
- සාමාන්‍යයෙන් මම අමතර ආහාර වශයෙන් ගන්නා විට වැඩිපුරම ගන්නේ පියලි ඇට, පලතුරු හෝ එලවලු වැනි ආහාරයි.
- මම සීනි අධික ආහාර සහ මේද අධික ආහාර අවම වශයෙන් දිනකට එකවතාවකට සීමාකර ඇත්තෙමි.
- මම අසංතෘප්ත සහ සංතෘප්ත මේද අම්ල වල වෙනස අවබෝධ කරගෙන ඇති අතර ආහාර සකසන සෑම විටකදීම හදවතට හිතකර මේද භාවිතයට වග බලා ගනිමි.
- ආහාර ගැනීමේදී මම ලබාගන්නා ආහාර මධ්‍යස්ත ප්‍රමානයකින් ලබාගන්නා බවට මා තුල විශ්වාසයක් පවතී.
- මම කිසි ලෙසකින් ප්‍රධාන ආහාර වේල් 3 මඟ නොහරිමි.[උදය ආහාරය, දිවා ආහාරය, රාත්‍රි ආහාරය]
- මගේ දෛනික ආහාර වේල විවිධතාවයෙන් සහ විවිධ වර්ණවලින් යුක්තයි. (කොල, කහ පැහැති)
- මම සතියකට අවම වශයෙන් දෙවතාවක් වත් මාළු ආහාරයට ගනිමි.
- මම වෙලඳපොලෙහි ඇති සකස් කල ආහාර කලාතුරකින් ආහාරයට ගනිමි.(Processed foods.) eg. ටින් කල ආහාර, පිස ශීතකරණයේ දැමූ ආහාර
- මම දෛනික ආහාර වේලට කාණ්ඩ 5 ට අයත් සියලුම ආහාර ඇතුල් කර ගනිමි. (ධාන්‍ය,එලවලු, පලතුරු කිරි හෝ කිරි ආහාර, වියලි ඇට, මාළු/ මස්/ බිත්තර, හෝ සෝයා)
ඔබ කොතරම් සාර්ථකද?
1-3 ලකුණු - ඔබගේ ආහාර වේල මීට වඩා අනිවාර්යෙන්ම සෞඛ්‍යය සම්පන්න විය යුතුයි. ඔබ ආහාර පුරුදු ගැන මනා උපදෙස් ලබාගැනීමෙන් ඔබගේ මනා සෞඛ්‍යය තහවුරු කරගත හැක.
4-7 ලකුණු - පෝෂණය සම්බන්ධව ඔබ නිවැරදි මාර්ගයේ සිටී. ඉහත සදහන් සමහර කරුණු වෙනස් කර ගැනීමෙන් මීට වඩා හොද ආහාර රටාවකට ඔබට යා හැක. එවිට ඔබගේ සෞඛ්‍යය තත්වය හොද අතට පත්වනු ඇත.
8-10 ලකුණු - කිසිම සැකයකින් තොරව ඔබ සෞඛ්‍යයමත් ජීවන රටාවක් භුක්ති විඳී. ඔබ ආහාර ගැන නිවැරදි මාර්ගයට අවතීර්ණ වී ඇත.