The Official Blog of the Department of Nutrition, Medical Research Institute, Sri Lanka
Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !
Sunday, November 18, 2012
Anti Cancer Drugs | පිළිකා නාශක පලතුරු
Labels:
cholesterol,
CME,
complementary feeding,
diabetes,
Eating well,
fruits,
Healthy Eating
Monday, November 5, 2012
Benefits of Red Fruits | රතු පාට එළවලු, පලතුරු වල ගුණ
Labels:
fruits,
Healthy Eating,
එළවලු,
පලතුරු
Friday, October 26, 2012
ආහාර අසුරණ ලේබල ගැන සැළකිලිමත් වෙන්න. | Being aware of food labels
Labels:
food safety,
labels
Wednesday, August 8, 2012
Basic Introduction to Food Hygiene
Labels:
cooking practices,
Eating well,
food safety,
lifestyle
Wednesday, June 27, 2012
Advice for fathers / පියවරුන්ට පෝෂණ උපදෙස්
පියවරුන්ගේ දිනය පහුවෙලා ටික දිනක් ගතවුනත් ඒ ගැන සටහනක් තැබිය යුතුයි කියා සිතුනා. තාත්තා කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගේ පවුලේ දියුනුව දරුවන්ගේ සැප පහසුව ඉගෙනීම ආදිය ගැන වෙහෙසවෙන අතරෙදි තමන්ගේ සෞඛ්‍ය තත්වය
ගැන සැලකිලිමත් වීම අතපසු වෙනවා.
තමන්ගෙ පවුල ගැන හිතන තාත්තා කෙනෙක් තමන් නීරෝගීව සිටීම ඉතා වැදගත් මොකද එහෙම නැතිව තමන් රෝගී තත්වයට පත් වුනොත් ඒ අයත් අසරන වන නිසා. වයස 40-45 කියන්නේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්.
මන්ද යත් මේ කාලෙදි තමයි ගොඩක් අයට දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයන් ආරම්භ වෙන්නේ.
මේ ආකාරයෙන් තාත්තලාගේ සෞඛ්‍ය තත්වය පහල වැටීමට හේතු බොහොමයක්
තිබෙනවා. නොසැලකිලිමත් ආහාර පුරුදු ඉන් ප්‍රධාන
හේතුවක්. පිටතින් පරිභෝජනයට ගන්නා සකස් කල ආහාර වල අධික ලෙස මේදය අඩංගු වෙනවා. ඒ මගින් ඔබට දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හදවත් රෝග ආදිය වැලඳීමට වැඩි හැකියාවක් පවතිනවා. ඊට අමතරව මත්පැන් සහ දුම්වැටි භාවිතයත් මේ රෝග හටගැනීමට කෙලින්ම බලපානවා.
නීරෝගීව සිටින්නේ කොහොමද?
ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය ගැන ඔබ අහලා ඇති. ඒ කියන්නේ ඔබට උස
සරිලන බරක් තිබේද කියා පෙන්වන සාධකයක්. ආසියාතිකයින් වන අපේ බොහොමයක් දෙනා හට
ඇත්තේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි BMI අගයක්. මෙය නිසි මට්ටමට ලඟා කර ගැනීමට බර
අඩු කර ගැනීම කෙරේ සැලකිලිමත් විය යුතුයි.
ආහාර තෝරා ගැනීමේදී හැකි පමන
නිවසේදී පිලියෙල කල ආහාර ගැනීම ඉතා වැදගත්. මන්ද යත් පිටතින් ලබා ගන්නා ආහාරවල නොයෙක් රසකාරක වගේම අධික ලෙස තෙල්, සීනි අන්තර්ගත වන නිසයි.මේද අධික ආහාර ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහල ගොස් ඔබ ඉහත සඳහන් කල තත්වයන්ට ගොදුරු වීමට පුලුවන්. සීනි අධික ආහාර
නිසාද ඔබ දියවැඩියාව හා අනිකුත් රෝගී තත්ව ඇතිවීමට පුලුවන්.ඒ වගේම ලුනු අධික ආහාර වලින් අධි රුධිර පීඩනය වැලදීමේ හැකියාවක් පවතිනවා.මේ නිසා හැකි පමන සමබල ආහාර
වේලක් ලබා ගැනීමට උනන්දු විය යුතුයි.
දිනපතා ආහාර වලට පලතුරු වර්ග 2ක් සහ
එලවලු වර්ග 2ක් මෙන්ම එක් පලාකොල වර්ගයක් එක් කර ගැනීමත් කල යුතුයි. මේවායේ
අන්තර්ගතවන ප්‍රති ඔක්සිකාරක (Anti oxidant) මගින් ඔබව කිරීටක ධමනි රෝගවලින්
ආරක්ෂා කරනු ලබනවා.
ඔබ මත්පැන් පානය කරන කෙනෙක් නම් එය නැවැත්වීම කල යුතුමයි. මත්පැන්වල
අන්තර්ගත වන අධික කැලරි ප්‍රමානය නිසා ඔබේ බර වැඩි වෙනවා . ඊට අමතරව ඒ අවස්ථාවේ ඔබ
ආහාරයට ගන්නා නොයෙක් කටගැස්ම වලද බොහෝ විට තෙල් මේද අන්තර්ගත වනවා. ඒ මගින් ඔබේ බර
තවත් වැඩි වී ඔබ ස්ථූලභාවයට පත්වීමට පුලුවන්.
ක්‍රියාකාරී දිවි පෙවෙතක් ගත කිරීමෙන්
ඔබට මේ තත්වයන්ගෙන් ආරක්ෂාවීමට හැකියාව ලැබෙනවා.
ඒ සදහා ඔබට ලොකු කාලයක් ගත කිරීමට අවශය නැහැ. පවුලේ අයත් සමගම
ඔබට ඇවිදීමට යන්න පුලුවන්. එය ඔබේ පමනක් නොව ඔබේ බිරිදගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්වය
වැඩි දියුනු වීමටත් බලපානවා. එපමනක් නොවෙයි
එමගින් පවුලේ සාමජිකයින් අතර සුහදතාවය ආදරය සහ විශ්වාසය ගොඩනැගෙනවා. ඒ වගේම මේ හොද පුරුදු
දරුවන්ට හුරු කිරීම තුලින් ඔවුන් අනාගතයේ සෞඛ්‍යවත් දිවි පෙවෙතක් ගත කිරීමට හුරු
වෙනවා.
ඔබත් තමන්ගේ පවුලේ දියුනුව වෙනුවෙන්
කැපවන පියෙක් නම් තමා ගැනත් සැලකිලිමත් වන්න.
Labels:
BMI,
Clinical Nutrition,
Eating well,
Exercise,
medical education,
පෝෂණය,
සිංහල ලිපි
Subscribe to:
Posts (Atom)








