Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Showing posts with label CME. Show all posts
Showing posts with label CME. Show all posts

Thursday, August 6, 2015

Diet for a Renal Failure Patient | වකුගඩු රෝගීන් සඳහා ආහාර වට්ටෝරු


The following diet plan is for persons with acute/chronic renal failure. Protein intake needs to be limited in order to decrease blood urea accumulation and to preserve already reduced renal function.

We have developed this model diet for a typical hospitalized patient. This is to be legislated in the future. Note that this diet has been developed to be prepared with minimal costs.



Breakfast

Lunch

Dinner

Monday
Uncooked rice
Dhal
Coconut sambol
Papaya
50g
15g
15g
50g
Uncooked red rice
Brinjol
Kohila
Gotukola sambol
Dried fish
Banana
50g
25g
25g
25g
15g
25g
Uncooked rice
Kakiri
Green leafy sambol
Kelawallo fish
Papaya
50g
25g
25g
15g
50g

Tuesday

Kaupi
Coconut
Papaya




25g
15g
50g

Uncooked rice
Kelawallo fish
Green beans
Karavila sambol
Kankun sambol
Banana

50g
15g
25g
25g
25g
25g

Uncooked rice
Soya
Ladiesfingers
Green leafy sambol
Papaya

50g
15g
25g
25g
50g

Wednesday

Green gram
Coconut
Papaya

25g
15g
15g

Uncooked rice
Egg
Raabu
Nivithi
Carrot sambol
Banana

50g
1
25g
25g
25g
25g

Uncooked rice
Anchovies
Watakolu kakiri
Green leafy sambol
Papaya

50g
15g
25g
25g
50g
Thursday
Uncooked rice
Maisur Dhal
Coconut sambol
Papaya
50g
15g
15g
50g
Uncooked rice
Chicken
Green beans
Kankun sambol
Carrot sambol
Banana
50g
15g
25g
25g
25g
25g
Uncooked rice
Kelawallo fish
Brinjol
Mukunuwanna sambol
Papaya
50g
15g
25g
25g
50g

Friday

Chickpea
Coconut
Papaya




25g
15g
50g

Uncooked rice
Kelawallo fish
Ash plantain
Carrot
Green leafy sambol
Banana

50g
15g
25g
25g
25g
25g

Uncooked rice
Kelawallo fish
Brinjol
Mukunuwanna sambol
Papaya

50g
15g
25g
25g
50g

Saturday

Uncooked red rice
Maisur Dhal
Coconut sambol
Banana

50g
15g
15g
12g

Uncooked rice
Egg
Ladiesfingers
Kakiri
Saarana
Banana

50g
1
25g
25g
25g
25g

Uncooked rice
Kelawallo fish
Watakolu
Cabbage leaves/Nivithi
Papaya

50g
15g
30g
25g
50g

Sunday

Green gram
Coconut
Papaya




25g
15g
15g

Uncooked rice
Kelawallo fish
Raabu
Mukunuwanna sambol
Cucumber salad
Banana

50g
15g
25g
25g
25g
25g

Uncooked rice
Kelawallo fish
Nokol
Kankun sambol
Papaya

50g
15g
25g
25g
50g










Written by - Dr. Renuka Jayatissa

Sunday, November 18, 2012

Wednesday, September 21, 2011

අයඩින් ඌණතාවය තුරන් කරන ලදී! | Iodine deficiency status in Sri Lanka ;Then and Now

 ගලගණ්ඩය බහුල ප්‍රදේශය
1940 දශකයේ පටන්ම ,ලංකාවේ බහුල ගැටළුවක් ලෙස ගලගණ්ඩය හඳුනාගෙන තිබිණි; එසේම තෙත් කලාපයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාතේ කොටසක්ද ඇතුලත් ගලගණ්ඩය බහුල පටියක් වැනි ප්‍රදේශයක් හඳුනාගනු ලැබිණි.

මෙකල 40% පමණ වූ ගලගණ්ඩ ව්‍යාප්තිය අඩු  කරලීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී.කෙසේ නමුත් 1986 පමණ වන විටද මෙම ප්‍රතිශතය දරුවන් අතර 18% තරම් ඉහල අගයක පැවතුනි.

මෙම තත්වය මර්ධනය කිරීම සඳහා 1990 දී පැවති ලෝක ළමා සමුළුවේ තීරණයන්ටද අනුව වසර 1995 සිට "ලුණු අනිවාර්යයෙන්ම අයඩිනීකෘත කිරීම " ආරම්භ වූ අතර ආහාර පනතට අනුව, ලුණු කර්මාන්තශාලා මට්ටමේදී මිලියනයකට කොටස් 50ක්(50 ppm)අගයයක්ද, පාරිභෝජන/ගෘහස්ථ මට්ටමේදී මිලියනයකට කොටස් 25ක්ද(දැන් මෙය 15ppm ලෙස සලකනු ලැබේ) ලෙස අයඩිනීකෘත කිරීමට  නීති සම්පාදනය විය.

ඉන්පසු විටින් විට 2000,2005, 2010 යන වසර වලදී ලංකාවේ අයඩින් ඌනතා තත්වය සහ අයඩිනීකෘත ලුණු වල තත්ත්වය මැන බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශය විසින් පසු විපරම් සමීක්ෂණ සිදු කරන ලදී.මෙම සමීෂණ වාර්තා මගින් ශ්‍රී ලාංකික වෛද්‍ය ඉතිහාසයේ තවත් ජය කඩඉමක් සනිටුහන් කරමින් අයඩින් ඌනතාවය දුරලීමේ මට්ටම කරා අප ළඟා වී ඇති බව පෙන්වා දෙනු ලැබීය.

අයඩින් ඌනතාවය තුරන් කරලූ තත්ත්වය යම් රටක් විසින් දිනාගැනීමට නම් ICCIDD නම් සංවිධානය මගින් නියම කර ඇති ප්‍රධාන නිර්ණායක 3 කුත්, අයඩින් ඌනතාවය දුරලීමේ වැඩසටහනට අදාල නිර්ණායක(Programmatic Indicators) 10න් 8 කුත් දිගින් දිගටම සපුරා තිබිය යුතුය.

පහත දැක්වෙන්නේ එම නිර්ණායකයන්ය


criteria for monitoring progress towards sustainable elimination of IDD

Indicators  
Goals
Goiter Prevalence(ගලගණ්ඩ බහුලතාව)
<5%
Urinary Iodine Proportion(මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය) below 100μg/L                        
>50%
Proportion(මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය)below 50μg/L                                                    
>20%
Salt Iodization Proportion of households using adequately iodized salt(ගෘහාශ්‍රිත ලුණු) 
>90%
Programmatic Indicators
8/10


ශ්‍රී ලංකාව සැලකූ කල වසර 2005 වන විටම මෙම නිර්ණායක සියල්ල සපුරාලමින් අයඩින් ඌණතාවය දුරලීමේ මට්ටම ළඟා කරගත් රටවල් අතලොස්සකින් එකක් බවට පත් වී ඇත.

මෙම සමීක්ෂණ වලදී පාසැල් දරුවන්ගේ හා ගැබිනි මව්වරුන්ගේ ගලගණ්ඩ බහුලතාවය,මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය මෙන්ම පානීය ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණයද මැන බලන ලදී.

ගලගණ්ඩ බහුලතාව

මෙය 5%කට අඩුවෙන් තබා ගැනීම අපගේ ඉලක්කය විය යුතුය.2010 දත්ත වලට අනුව දැනට මෙම අගය 4.4% කි(ඉතිහාසයේ අගයයන් සැළකුවහොත් මෙම අගය 1986 – 18.8%,2000 – 18.0% ,2005 – 3.8% පමණ විය). එසේම සෑම පළාතකම පාහේ ගැහැණුන් අතර පිරිමින්ට වඩා ගලගණ්ඩය බහුල බව පෙනී ගොස් ඇත. තවද වයඹ ,මධ්‍යම හා දකුනු පළාත් වල ගලගණ්ඩය උපරිම ලෙස පෙන්නුම් කරන බවද, උතුරු පළාතේ මෙය අවම බවද ඔබට පෙනී යනු ඇත.

ගලගණ්ඩ බහුලතාව 
මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය

මෙය වූ කලී අප විසින් ශරීරයට ලබා ගන්නා අයඩින් ප්‍රමාණය පිළිබඳ මිම්මකි. සාමාන්‍ය පුද්ගලයෙකු හට මෙම අගය 100-200 ug/L අතර ප්‍රමාණයක්ද, ගැබිනි මවකට 250ug/L පමණ අගයයක්ද පවත්වාගත යුතු අතර 300ug/Lට වැඩි වීම අයඩින් අධික වීමක් පෙන්නුම් කරයි(මෙහිදී අයඩින් විෂ වීම ඇතිවිය හැකිය ).

 සුදුසු ;එනම් 100-200ug/L අතර අයඩින් ප්‍රමාණයක් මුත්‍රා වල පවතින ළමුන් ප්‍රතිශතය 2000 දී 35.4%, 2005 දී 34.7% හා 2010 දී 37.7% ක් වේ.මේ අනුව ත් අප දරුවන්ගේ අයඩින් ආහාරයට ගැනීමේ සුදුසු පරාසය පවත්වා ගනිමින් සිටින බව පෙනේ.අයඩින් යනු දරුවන්ගේ වැඩීමට හා මොළය වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් වන බැවින් මෙය ඉතා වැදගත් තත්ත්වයකි.



මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය (පාසැල් ළමුන්ගේ)

ගර්භණී මව්වරුන්

කෙසේ වෙතත් 2010 වසරේදී, ගර්භණී මව්වරුන්ගේ මුත්‍රා සාම්පල වල අයඩින් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 113ug/L ලෙස සටහන් විය.වැඩෙන කළළයේ පෝෂණ අවශ්‍යතාවන්ද සපුරාලිය යුතු මෙම කාලයෙදී, මවක් නිසි පරිදි අයඩින් ආහාරයට එක් කර ගන්නේ නම්; මුත්‍රා වල බැහැරවන අයඩින් 250 ක අගයයක් වත් තිබිය යුතුය. මින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික මව්වරුන් තවමත් අවශ්‍ය අයඩින් මට්ටම ලබා නොගන්නා බවයි.


ජලයේ අඩංගු අයඩින්

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණ එකිනෙකට වෙනස්ය. මෙයට කඳු සහිත භාවය, ක්ෂීරණය ආදිය හේතු වනවා විය හැක. පහත පෙන්වා ඇත්තේ එක් එක් පළාත් වල ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණ වේ.උතුරු ප්‍රදේශයේ ගලගණ්ඩ ප්‍රතිශතය අඩු වීමට එක් හේතුවක් ලෙස මෙසේ ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණය වැඩිවීම ගතහැක.ලෝකයේ සමහර රටවල මෙවැනි ස්වභාවිකවම ජලයේ අයඩින් අධිකව අඩංගු ප්‍රදේශ වලට, අඩුවෙන් අයඩින් යෙදූ ලුණු සැපයීමක් සිදු කෙරේ.

ජලයේ අඩංගු අයඩින්
මීට අමතරව කඳුකර ප්‍රදේශ වල ගලගණ්ඩ ප්‍රතිශතය වැඩිවීමට එම ප්‍රදේශ වල මුහුදු ආහාර හා මාළු අඩුවෙන් පරිභෝජනය කිරීම සැලකිය හැක.

ගෘහාශ්‍රිත ලුණු

නිවෙස් වල භාවිතා කරන ලුණු වල ඒ ඒ රටවල ආණ්ඩු විසින් නියම කරන ලද අයඩින් ප්‍රතිශත තිබීම 90% කට වඩා වීම අනිවාර්ය වේ.2005 දී මෙම අගය 91% පමණ වුවත් 2010 දී මෙම අගය 68.2% දක්වා පහල බැස ඇත; කිසිදු පළාතක අපේක්ෂිත මට්ටමට ගෘහාශ්‍රිත ලුණු වල අයඩින් අඩංගු නොවේ. මෙමගින් පෙනෙන්නේ දැනට පවතින ලුණු වල පවතින අයඩිනීකරණය පිළිබඳ අඩු ප්‍රමිතියයි. මෙම තත්ත්වය තවත් බරපතල වනුයේ "ලුණු වතුර" සෑදෙන පරිදි බෝතලයක වතුර සමඟ ගබඩා කිරීම, ව්‍යංජන පිසීම ආරම්භයේදීම ලුණු එකතු කිරීම නිසා අධික රස්නය හේතුවෙන් අයඩින් වාශ්ප වී යාම ආදී හේතුවෙන් තව තවත් අයඩින් අඩුවීයාමක් සිදු වීම නිසයි.මෙනිසා ලුණු වල අයඩිනීකරණ තත්ත්වය පවත්වා ගැනීම පවත්වා ගැනීම කෙරෙහි වහා පියවර ගත යුතුය.


ශ්‍රී ලංකාවේ දැනට අයඩින් ඌනතාවය දුරලීමේ තත්ත්වය හා එම ඉලක්ක අතර සැසඳීමක් පහත දැක්වේ.

Programmatic indicators

මෙහිදී අප සිහි තබාගත යුතු කරුණ නම් මෙම සියළු ජයග්‍රහන කෙරෙහි හේතු වූයේ ගෘහාශ්‍රිත ලුණු අයඩින් වලින් සබලීකෘත කිරීම බවයි. මෙවැනිම වූ ක්‍රමයකින් බහුල සෞඛ්‍ය ගැටළුවක් වන රක්ත හීනතාවය සඳහා ද පිළියම් යෙදීමට අවශ්‍ය පර්යේෂණ මේ දින වල අප විසින් සිදු කරමින් පවතී.

අයඩින් ඌණතාවයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා; නිසි ලෙස අයඩිනීකෘත ලුණු ආහාරයට එක් කර ගැනීම, ආහාර පිළියෙල කිරීමේ වැරදි පුරුදු අත්හැරීම, හා මෙවැනි සමීක්ෂණ නිතර පවත්වා තත්ත්වය සමාලෝචනය කිරීම ඉතාම වැදගත් වනු ඇත.

ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
මූලාශ්‍ර -ICCIDD/UNICEF/WHO, 2001, 
             IDD survey MRI, 2010 

For the English version of this article Click Here and Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට සහ ๧මත๠නට යන๞න. 

Tuesday, August 23, 2011

වකුගඩු රෝගියෙකු සඳහා ආහාර වට්ටෝරුව | Model diet for a Renal Failure Patient


Acute Renal Failure, Chronic Renal failure ආදී වූ වකුගඩු රෝග අවස්ථාවන් වලදී අධික ලෙස රුධිරයේ යුරියා එකතු වීම හා වකුගඩු ක්‍රියාකාරිත්වය අඩුවීමවල වලක්වාලීම සඳහා ප්‍රෝටීන් ආහාර සිමා කිරීම කලයුතුය. වෛද්‍යවරුන්ගේ හා මෙවැනි රෝගීන්ගේ/ රැකබලාගන්නන්ගේ ප්‍රයෝජනය පිණිස දර්ශීය රෝගියෙකුට සතියකට අවශ්‍ය වියළි ආහාර ප්‍රමාණ පහත වගුවේ දක්වා ඇත.
වකුගඩු රෝගියෙකු සඳහා ආහාර වට්ටෝරුව
දිනය
උදේ
දවල්
රාත්‍රී
සඳුදා
හාල් ග්‍රෑම් 50
පරිප්පු ග්‍රෑම්15
පොල් සම්බෝල ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
රතු නාඩු ග්‍රෑම් 50
වම්බටු ග්‍රෑම් 25
කොහිල ග්‍රෑම්25
ගොටුකොළ සලාද ග්‍රෑම් 25
තලපත් කරවල ග්‍රෑම් 15
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම්25
හාල් ග්‍රෑම් 50
කැකිරි ග්‍රෑම් 25
කොළ මැල්ලුම ග්‍රෑම් 25
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50

අඟහරුවාදා
කව්පි ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50

හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
බෝංචි ග්‍රෑම් 25
කර‌‍විල සලාදය ග්‍රෑම් 25
කංකුන් ග්‍රෑම් 25
කෙසෙල් ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
සෝයාමීට් ග්‍රෑම් 15
බණ්ඩක්කා ග්‍රෑම් 25
කොළ මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
බදාදා
මුං ඇට ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 15
හාල් ග්‍රෑම් 50
බිත්තර 1
රාබු ග්‍රෑම් 25
නිවිති ග්‍රෑම් 25
කැරට් සලාදය ග්‍රෑම් 25
කෙසෙල් 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
හාල්මැස්සන් ග්‍රෑම් 15
වැටකොලු/ කැකිරි ග්‍රෑම් 25
කොළ මැල්ලුම් ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50

බ්‍රහස්පතින්දා
හාල් ග්‍රෑම් 50
මයිසූර් පරිප්පු ග්‍රෑම් 15
පොල් සම්බෝල ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
හාල් ග්‍රෑම් 50
කුකුල් මස් ග්‍රෑම් 15
බෝංචි ග්‍රෑම් 25
කංකුන් මැල්ලුම ග්‍රෑම් 25
කැරට් සලාදය ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
වම්බටු ග්‍රෑම් 25
මුකුනුවැල්ල මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
සිකුරාදා
කඩල ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
අළු කෙසෙල් ග්‍රෑම් 25
කැරට් ග්‍රෑම් 25
කොළ මැල්ලුම් ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
වම්බටු ග්‍රෑම් 25
මුකුණුවැන්න මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50

සෙනසුරාදා
රතු නාඩු ග්‍රෑම් 50
මයිසූර් පරිප්පු ග්‍රෑම් 15
පොල් සම්බෝල ග්‍රෑම් 15
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
බිත්තර 1
බණ්ඩක්කා ග්‍රෑම් 25
කැකිරි ග්‍රෑම් 25
සාරණ ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
වැටකොලු ග්‍රෑම් 30
කොලගෝවා /නිවිති ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
ඉරිදා
මුං ඇට ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 15
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
රාබු ග්‍රෑම් 25
මුකුණුවැන්න මැල්ලුම ග්‍රෑම් 25
‌පිපිඤ්ඤා සලාදය ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
නෝකෝල් ග්‍රෑම් 25
කංකුන් මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50


*මාළු ග්‍රැම් 15යනු සාමාන්‍ය ප්‍රමාණයේ මාළු කැබලි භාගයකි.
*මෙය රෝහල්වල භාවිතය සඳහා සකස් කරන ලද්දක් වන අතර අඩු වියදමකින් ආහාර වේල් පිළියෙළ කිරීමට හැකි ලෙස සකස් කර ඇත. මෙය දැනට සෞඛ්‍ය  අමාත්‍යාංශය මගින් කෙටුම්පත් කිරීම සඳහා කටයුතු කරමින් පවතී.

ලිපිය-වෛද්‍ය රේණුකා ජයතිස්ස, (පෝෂණ වෛද්‍ය විශේෂඥ )