The Official Blog of the Department of Nutrition, Medical Research Institute, Sri Lanka
Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !
Showing posts with label food safety. Show all posts
Showing posts with label food safety. Show all posts
Thursday, August 6, 2015
ආහාර සඳහා නීති විරෝධී වර්ණක යෙදීම. | Adding illegal coloring to food- video
ඔබ මේ ගැන දැනුවත්ද?
Labels:
coloring,
food safety,
නීති විරෝධී වර්ණක
Friday, October 26, 2012
ආහාර අසුරණ ලේබල ගැන සැළකිලිමත් වෙන්න. | Being aware of food labels
Labels:
food safety,
labels
Wednesday, August 8, 2012
Basic Introduction to Food Hygiene
Labels:
cooking practices,
Eating well,
food safety,
lifestyle
Wednesday, June 15, 2011
ආහාර සුරක්ෂිතභාවය| Food safety
ආහාර සුරක්ෂිතභාවය යනු කුමක්ද?
පලමුවෙන්ම මෙය ආහාර සුරක්ෂිතතාව(food security) යන්නෙන් වෙන්කර හඳුනා ගත යුතුය.(ආහාර සුරක්ෂිතතාවය යනු සැමට අහාර ලැබීම පිළිබඳ මිම්මකි).
මෙහි සරල අදහස නම් අහාර වගාකිරීමෙ,නිපදවීමේ,සකස් කිරීමේ සිට බෙදා හැරීම හා පරිභෝජනය දක්වා සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම තහවුරු කිරීමයි. එය මූලික මිනිස් අයිතිවාසිකමක්ද වේ.
ආහාර සුරක්ෂිතභාවයේ ඇති කාලීන වැදගත්කම කුමක්ද?
අන් කවරදාවකටත් වඩා ආහාර සුරක්ෂිතභාවය ගැන ලෝකයෙම අවධානය යොමුව ඇති කාලයකි මේ. සිය ගනනක් වූ තර්ජනාත්මක ලෝක වසංගත අතර වලක්වාගත හැකි ව්‍යසනයක් ලෙස ආහාර සුරක්ෂිතභාවය අවධානයට පාත්‍ර වී තිබේ.එසේම මෙය ලෝක ආහාර වෙලෙඳාමට දරුණු බලපෑමක් ඇතිකරන දේශපාලනික කරුණකි.
මෑත ඉතිහාසය ගත් කල පහත අවස්ථා සැළකීමෙන් සාමාන්‍ය ජනයාගේ සිට දියුණු/නොදියුණු රාජ්‍යයන්ගේ නොමඳ අවධානයට, ආහාර සුරක්ෂිතභාවය ලක්වී ඇති සැටි දැක බලා ගත හැකිය.
- කුරුළු උණ- පසුගිය දශකය පුරා වරින් වර වසන්ගතයක් ලෙසින් පැතිර ගිය කුරුළු උණ ලෝක කුකුළු මස් වෙළෙඳාමට හා ජනතාවගේ මාංශ පරිභෝජනයට කල බලපෑම අති මහත් විය..
- න්‍යෂ්ටික කාන්දුවීම්- ජපානයේ න්‍යෂ්ටික කාන්දුවීම් නිසා ජපන් අහාර අපනයන ජාත්‍යන්තරයේ ප්‍රතික්ෂේප වීම.
- ආසනික් අඩංගු වල් නාශක හා රජරට වකුගඩු රෝගය- පසුගිය දින මේ මාතෘකාව ආශ්‍රිතව ඇතිවූ මහත් වූ ආන්දෝලනය, දේශීය සහල් ගොවියා රැකගැනීම, පාන් පරිභෝජනය වැඩිවීම පමනක් නොව පර්යේෂකයන්ට තර්ජනය කිරීම දක්වා ඇදී ගිය බව දැක්වුනි.
- මෙලමයින් හා කිරිපිටි- කිරි පිටි වල ප්‍රෝටීන වැඩි කිරීමට යැයි කියා මෙලමයින් නම් ද්‍රව්‍යය එකතු කිරීමත් ඒ හරහා ඇතිවූ චීන කිරිපිටි කර්මාන්තයේ කඩාවැටීම.
- E-Coli -යුරෝපයේ මේ දිනවල පැතිර යන වසන්ගතය හා ඉන් යුරෝපීය ආහාර වෙළෙඳාමට වන අහිතකර බලපෑම.
- ජාන තාක්ෂණය්-ලෝක ආහාර අර්බුදයට පිලියමක් ලෙස වැඩි අස්වැන්නක් දෙන පරිදි ජාන තාක්ෂණයෙන් නිපදවූ ආහාර භාවිත කිරීමට දැරූ ප්‍රයත්නය, මෙම ආහාර කෙරෙහි පැන නැගූ විරෝධය නිසා යටපත් වෙමින් පවතී.
මේ සඳහා අදාල ආයතනමොනවාද?
ජ්‍යාත්‍යන්තර මෙන්ම දේශීය ආයතන රැසක්ම ආහාර වල ගුණාත්මක භාවය රැකී ඇති බවට සහතික කිරීම සිදු කරනු ලැබේ.HACCP , ISO 22000, SLS ,Codex Alimentarius යනාදිය ,ඇතැම් විට ඔබ ආහාර අසුරන ලේබල මත දැක ඇතුවාට සැක නැත.මේවා සියල්ල WHO, FAO ,CDC වැනි ජ්‍යාත්‍යන්තර ආයතන හා වෙනත් එක් එක් රටවල ප්‍රමිති ආයතන විසින් නිකුත් කරනු ලබන සහතික වේ.මේවා ලබා ගැනීම නූතන ජ්‍යාත්‍යන්තර වෙළෙඳාමේ අනිවාර්ය අවශ්යතාවයක් බවට දැනටමත් පත්වී හමාරය.
අප රටේ මේ බොහෝ කටයුතු ප්‍රමිති ආයතනය(SLSI), කාර්මික පර්යේෂණ ආයතනය(ITI), හා වෛද්‍ය පර්යේෂණ ආයතනය(MRI) මගින් සිදු වේ.
written by - Wedisha Gankanda
Labels:
food safety,
ආහාර සුරක්ෂිතභාවය,
සිංහල ලිපි
Subscribe to:
Posts (Atom)
